අස්ථියක් බිදුණම දෙන ප්‍රථමාධාර දැනගෙන ඉන්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

අස්ථියක් බිදුණම දෙන ප්‍රථමාධාර දැනගෙන ඉන්න

අස්ථියක් බිදුණම දෙන ප්‍රථමාධාර දැනගෙන ඉන්න

ප්‍රථමාධාර කියන්නේ යම්කිසි රෝගයකට හෝ උපද්‍රවයකට ලක්වූ පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාවට එම උපද්‍රවය තවදුරටත් වැළැක්වීම හෝ ඉක්මනින් සුවය ලබා ගැනීම උදෙසා සපයන උපකාරක ක්‍රියා විධි වලටයි. මෙය අදාල උපද්‍රවය අනුව වෙනස් වුණත් මූලික සංකල්පය වන්නේ රෝගියා හිතු මනාපයට එම ස්ථානයෙන් ඉවත් නොකළ යුතු බවයි.

අපි එදිනෙදා ජීවිතයේ සිදුකරන කටයුතු වලදී නොසැලකිලිමත්කම හා හදිසි අවස්ථාවන් නිසා අනතුරු සිදු වෙනවා. එහිදී අපේ සිරුරට වැඩි වශයෙන්ම විය හැකි හානියක් තමයි අස්ථි භග්නයක් කියන්නේ. අස්ථි භග්නයක් නැත්නම් අස්ථි බිදීමකදී පොදුවේ ශරීරයේ ඇතිවන ලක්ෂණ කිහිපයක් තියෙනවා.


අස්ථි භග්නයක් සිදුවූ විට කැඩුණු ස්ථාන අධික වේදනාවක් ඇති ඇතිවන අතර කැඩුණු ස්ථානය අවට අභ්‍යන්තර රුධිර වාහිනීවලට හානි සිදුවී ඇත්නම් ඉදිමුම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇටකැබලි එකිනෙකට ගැටෙන ශබ්දයක් හෝ එවැනි ස්පර්ශයක් දැනෙන්න පුළුවන්.

 


කැඩුණු ස්ථානයේ අංග කෙටි වීමක් හෝ ඇදවීමක් හෝ ඉහලට වීමක් හෝ යම් විකෘති චලනයක් සිදුවෙන්න පුළුවන්.

මේ වගේ අවස්ථාවක සිදුකරන ප්‍රථමාධාර හරිම වැදගත් වෙනවා. විශේෂයෙන්ම රිය අනතුරකින් හෝ ස්වභාවික උවදුරකින් ගින්නකින් ආබාධයට පත් වූ පුද්ගලයෙකු වෙනත් ස්ථානයකට ඉවත් කිරීමේදී වඩාත්ම සැලකිය යුතු වන්නේ සෙලවීමක් හෝ රැගෙන යාමේදී වන හානිය බරපතල විය හැකි නිසා. උදාහරණයක් විදියට අනතුරෙන් කොඳු ඇට පෙළ බිඳී යාමක් සිදුවී ඇත්නම් නිසි ප්‍රථමාධාර නොවූ විට ස්නායු රැහැන තෙරපීමට හා ස්නායු බිදීම සිදුවිය හැකියි.

ප්‍රථමාධාර මගින් රුධිර වාහනය වැළැක්වීමට පිරිසිදු කිරීම බැන්ඩේජ් රෙදි කැබැල්ලක් මගින් තෙරපීම කරන්න පුලුවන්.
අනතුරට පත් සිරුරේ ස්ථානයට ඉහලින් රෙදි පටි රෝල් ලණුවලින් දීර්ඝ වේලාවක් පීඩනයට ලක් කිරීම සිදු නොකළ යුතුයි. අදාල ස්ථානය නොසෙල්වා තැබිය යුතු අතර මෙහිදී අදාල අස්ථිය අනුගත කිරීම හෝ බාහිරට පැමිණි අස්ථි කැබැල්ල යළි අභ්‍යන්තරයට යොමු කිරීම නොකළ යුතුයි. ලී කැබැල්ලක් අදාළ ස්ථානයේ දෙපසින් තබා රෙදි පටිවලින් බඳින්න. පිරිසිදු රෙදි කැබැල්ලකට අයිස් දමා තැවීම වේදනාව හා ඉදිමුම අවම කිරීමට උපකාරී වෙනවා. අදාල උපකාර එනතුරු පුද්ගලයා සුරක්ෂිතව තබා ගැනීම ඉතාම වැදගත්.

මෙවැනි හදිසි අවස්ථාවකදී වහාම උපකාර ඉල්ලමින් රෝගියා වෙත ලංවී තමා අවට අනතුරුවලින් තොර ද යන්න විමසිලිමත් වෙමින් රෝගියා ප්‍රතිචාර දක්වනවාද යන්න සොයා බැලිය යුතුයි.


මෙලෙස අනතුරකින් සිදුවිය හැකි අස්ථි භග්නයකදී ලබා දෙන නිසි ප්‍රථමාධාර එය සුවකර ගැනීමට මනා පිටුවහලක් වෙනවා.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1853 Views

Comments

arrow-up