ආහාර ගැනීමෙන් පසු මේ දේවල් කිරීම අහිතකර බව හීනෙකින්වත් හිතුවද?
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

ආහාර ගැනීමෙන් පසු මේ දේවල් කිරීම අහිතකර බව හීනෙකින්වත් හිතුවද?

ආහාර ගැනීමෙන් පසු මේ දේවල් කිරීම අහිතකර බව හීනෙකින්වත් හිතුවද?

තේ පානය කිරීම 

 
ආහාර ගැනීමෙන් පසු තේ පානය කිරීමට සමහර පුද්ගලයන් ඇබ්බැහිවී සිටිනවා. ඔවුන් සිතන්නේ තේ පානය කිරීම ආහාර දිරවීමට පහසු වන බවයි. එහෙත් ඉන් සිදුවන්නේ ආහාර දිරවීමට බාධා ඇති කිරීම කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ?. තේ වල අම්ල ගතිය වැඩි නිසා ආහාරවල ඇති ප්‍රෝටින කොටස් දිරවීම පමා කරන අතර රසායනික සංයෝග මගින් ආහාරවල ඇති යකඩ වැනි පෝෂක කොටස් උරාගනු ලබනවා . ඔබට ආහාර ගැනීමෙන් පසු තේ බීමට දැඩි අශාවක්  තිබෙනවා නම් ආහාර ගැනීමට පැයකට පසුව තේ පානය කිරීමට පුරුදු වන්න.

දුම්පානය කිරිම

 


 බොහොමයක් පිරිමි පුද්ගලයින් නැතිවම බැරි දෙයක් ලෙස දුම්වැටිය හැදින්විමට  පුළුවන්.  බොහෝ දෙනෙක් ආහාර ගත් විගසම දුම්වැටිය පානය කිරීමට පුරුදු වී සිටිනවා. ඇත්තෙන්ම දුම්පානය කිරීම කොහොමත් හොඳ සෞඛ්‍ය පුරුද්දක් නොවන බව අමුතුවෙන් කීමට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් ආහාර ගැනීමෙන් පසු දුම් පානය කිරීම වඩාත් භයානක බව පර්යේෂණ මගින් හෙළිවී තිබේනවා. ඔබත් ආහාර ගත් විගස දුම් පානය කරන්නේ නම් එම දුම් වැටියේ බලපෑම දුම්වැටි 10 ක බලපෑමට සමානවන බව තහවුරු කරගෙන තිබෙනවා.

පළතුරු ආහාරයට ගැනිම


 බොහෝ නිවෙස් වල ආහාර ගැනීමෙන් අනතුරු පළතුරු අතුරුපස ලෙස ආහාරයට ගැනීම සාමාන්‍ය පුරුද්දක් වී තිබෙනවා. එහෙත් එය එතරම් හොද පුරුද්දක් නොවන බව කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ. එයට හේතුව වන්නේ පලතුරු වඩාත් ඉක්මණින් ජීර්ණය වීම සිදුවන නිසයි. දිරවිමට කල්ගතවන ප්‍රධාන  ආහාරයකින් පසු පලතුරු ආහාරයට ගත්විට ඒවා වැඩි වෙලාවක් ආමාශයේ  සිරවී තිබෙම සිදුවනවා. එමනිසා පලතුරුවල ඇති නිසි පෝෂණය නොලැබී යනවා මෙන්ම ආමාශය ආසාදනයන්ට ලක් වීමේ අවදානමක්ද පවතිනවා.

ඇවිදීම

 

ඔබත් ආහාර ගත් විගසම ඇවිදීමට පුරුදු වෙලා ඉන්නවා නම් අදම එය  නවතා දමන්න. මෙමගින් ජීර්ණය තත්ත්වයන් මෙන්ම අමාශයේ අම්ල ගතිය වැඩිවී කෑම උගුරට ඒම පුළුවන්. ආහාර ගැනීමෙන් පසුව  ඇවිදිනවා නම් විනාඩි තිහකට පසුව ඇවිදීම වඩාත් සුදුසු වනවා.

නිදාගැනීම

 


ආහාර අනුභව කල විගස නින්දට යෑමට සෞඛ්‍ය ගැටලු රැසකට හේතු වෙනවා. ආහාර ආමාශය පවතින විට ඔබ  නින්දට යාම නිසා නින්දේදි ගෙරවීම මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන් ඒ වගේම නිදා ගන්නා ඉරියව්ව ආහාර දිරවීමට අවශ්‍ය අම්ල නිසි ලෙස ශ්‍රාවය නොවන නිසා ආහාර ජීර්ණයට බලපෑමක් ඇති වනවා පමණක් නොව තරබාරු බව ඇතිවීමට ද එය හේතු වෙනවා. මේ සඳහා ඔබ කළ යුත්තේ ආහාර ගැනීමෙන් පැය දෙකකට පමණ පසු නින්දට යාමට පුරුදු වීමය.

පානය කිරීම


මෙය බොහෝ දෙනෙක් සිදුකරන තවත් එක් නරක පුරුද්දක් ලෙස හැදින්වීමට පුළුවන්. ආහාර ගැනීමෙන් පසුව සිසිල් ජලය පානය කිරීම ආහාර ජීරණ බාධා ඇති කරවනවා. සිසිල් ජලය වෙනුවට ආහාර ගැනීමෙන් පසු උණුසුම් ජලය පානය කිරීම වඩාත් සුදුසු වෙනවා. එමඟින් ආහාර වල පෝෂක කොටස් නිසි පරිදි ශරීරයට උරා ගැනීමට උපකාරී වෙනවා.

ස්නානය කිරීම


ආහාර දිරවීම සඳහා ආමාශය වෙත වඩා හොඳින් රුධිරය සංසරණය වීම සිදු විය යුතුය. එහෙත් නෑමෙන් පසු සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ශරීරයේ ඉහළ කොටසේ රුධිර සංසරණය වේගවත් වීම සිදුවනවා. එම නිසා ආමාශ ප්‍රදේශයෙහි රුධිර සංසරණය අඩුවී මෙන් ආහාර දිරවීමේ ක්‍රියාවලියට බාධා ඇති වෙන්න පුළුවන්. මේ සඳහා ඔබ කළ යුතු වන්නේ ආහාර ගැනීමෙන් පසුව අවම වශයෙන් විනාඩි තිහකට පසුව ස්නානය කිරීමයි.

 

 

 

 

 

 

 

views

1247 Views

Comments

arrow-up