“මම විශ්වාස කරනවා අධ්‍යාපනය පංති කාමරයට පමණක් සීමා විය යුතු නැහැ කියලා” - ලංකාවට ආ තෙන්දුල්කාර් කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

“මම විශ්වාස කරනවා අධ්‍යාපනය පංති කාමරයට පමණක් සීමා විය යුතු නැහැ කියලා” - ලංකාවට ආ තෙන්දුල්කාර් කියූ කතාව

“මම විශ්වාස කරනවා අධ්‍යාපනය පංති කාමරයට පමණක් සීමා විය යුතු නැහැ කියලා” - ලංකාවට ආ තෙන්දුල්කාර් කියූ කතාව

යුනිසෙෆ් සංවිධානයේ වැඩසටහන් මාළාවක් වෙනුවෙන් ඊයේ දිවයිනට පැමිණි යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියා කලාපීය කීර්තිනාම තානාපති ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් අද කොළඹදී එහි තවත් වැඩසටහනකට එක්වුණි.



මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්,
 

"මම විශ්වාස කරනවා අධ්‍යාපනය පංති කාමරයට පමණක් සීමා විය යුතු නැහැ කියලා.ක්‍රිකට් මට ජීවිතයේ හුඟක් දේවල් ඉගැන්නුවා.මට හීනයක් තිබුණා කවදාහරි ඉන්දියාවට ක්‍රීඩා කරන්න.මම අවධානයෙන් වැඩ කරන්න පටන් ගත්තා,විනයගරුක වුණා.වඩාත් සැලසුම්සහගතව ජීවත් වෙන්න පටන් ගත්තා.මම ඒ හැමදේම කළේ මට ඉන්දියාවට සෙල්ලම් කරන්න ඕන නිසා.මම සැලසුම් කරන්න පටන් ගත්තා, වඩාත්ම වැදගත් දේ තමයි ඒ සැලසුම් කොහොමද ක්‍රියාවට නංවන්නේ කියන එක.මට සිද්ධ වුණා ක්‍රිඩා පිටියේ මැදට ගිහින් ඒ සැලසුම් ක්‍රියාවට නංවන්න.


ජීවිතයේ හොඳ දවස් තියෙනවා නරක දවස් තියෙනවා. මම ඉගෙනගත්තා ජීවිතයේ සැමරුම් සහ කලකිරීම් සමව දරාගන්න.ඕනෑවට වඩා සැමරීම් සිදු නොකරන්නත්, කලකිරීම් හමුවේ නොවැටි ඉන්නත් මම වග බලාගත්තා. මේ දේවල් මම ඉගෙන ගත්තේ පාසලෙන් නෙමෙයි.තව පංති කාමරයක් තිබුණා ක්‍රීඩක විවේකාගාරය කියලා.මම හැමදෙයක්ම ඉගෙන ගත්තේ එතැනදී. මම ශ්‍රී ලංකාවේ ළමයින්ව දිරි ගන්වනවා මොකක් හරි ක්‍රීඩාවක් කරන්න කියලා. ක්‍රීඩාව ඔබේ සෞඛ්‍යට සෘජු බලපෑමක් කරනවා."

views

279 Views

Comments

arrow-up