ඇයි දරුවෝ තමන් හැදූ වැඩූ දෙමව්පියන්ට මෙහෙම කරන්නෙ - පොහොය දිනයේම වේයන්ගොඩ ප්‍රදේශයෙන් ඇසෙන කඳුලු කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ඇයි දරුවෝ තමන් හැදූ වැඩූ දෙමව්පියන්ට මෙහෙම කරන්නෙ - පොහොය දිනයේම වේයන්ගොඩ ප්‍රදේශයෙන් ඇසෙන කඳුලු කතාව

ඇයි දරුවෝ තමන් හැදූ වැඩූ දෙමව්පියන්ට මෙහෙම කරන්නෙ - පොහොය දිනයේම වේයන්ගොඩ ප්‍රදේශයෙන් ඇසෙන කඳුලු කතාව

වැදූ මව ප්‍රතික්ෂේප කළ පුතෙකු පිළිබඳව ඊයේ (01) ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ දී වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි වයෝවෘද්ධ මවට දියණියක සහ පුතකු සිටින අතර ඔවුහු දෙදෙනාම මේ වනවිට විවාහ වී වෙනම ජීවත් වෙති.

 

වයෝවෘද්ධ මවගේ සැමියා මීට වසර ගණනාවකට පෙර මියගොස් ඇති අතර අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි සිය දියණියගේ රැකවරණය යටතේ වයෝවෘද්ධ මව වසර ගණනාවක් කල්ගෙවා ඇත.

 

නමුත් දියණිය මෙන්ම දියණියගේ සැමියාද අසනීප වීම නිසා මීට මාස තුනකට පෙර වේයන්ගොඩ තල්ගස්කොටේ ප්‍රදේශයේ පදිංචිව සිටින සිය පුතා ළඟට පැමිණ ඇත්තේ පුතාගේ රැකවරණය බලාපොරොත්තුවෙනි.

 

නමුත් එදා සිට ලේලියගේ සහ පුතාගේ කෙණෙහිළිකම් මැද හැඬූ කඳුළින් දිවි ගෙවූ මෙම වයෝවෘද්ධ මාතාව යම් පිහිටක් පතා වේයන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇත. සිද්ධිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වේයන්ගොඩ පොලිසිය විසින් වයෝවෘද්ධ මවගේ පුත්‍රයා පොලිස් ස්ථානයට කැඳවා විමර්ශන සිදු කළහ.

 

එහිදී දිගින් දිගටම මෙම පාපතර පුත්‍රයා පවසා ඇත්තේ මව භාර භාර ගැනීමට නොහැකි බවත් මින් ඉදිරියට මව සමග කිසිදු ඥාතිත්වයක් නොපවත්වන බවත්ය.

 

වේයන්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපති විසින් මවකගේ ඇති වටිනාකම පිළිබඳව පුත්‍රයාට කොතෙකුත් පැහැදිලි කිරීම් කළත් ඉන් පලක් නොවීය.

 

අවසානයේ වයෝවෘද්ධ මව ඇගේ නැගණියගේ පුත්‍රයා විසින් භාර ගෙන ඇත.

views

454 Views

Comments

arrow-up