“අයියාගේ මළගෙදර ලොක්කා ආපු නැති වෙලාවේ කියපු දේවල් මට මතකයි” - වික්ටර්ගේ බාල පුත් ලෙළුම් තාත්තා ගැන සැරට කියූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

“අයියාගේ මළගෙදර ලොක්කා ආපු නැති වෙලාවේ කියපු දේවල් මට මතකයි” - වික්ටර්ගේ බාල පුත් ලෙළුම් තාත්තා ගැන සැරට කියූදේ

“අයියාගේ මළගෙදර ලොක්කා ආපු නැති වෙලාවේ කියපු දේවල් මට මතකයි” - වික්ටර්ගේ බාල පුත් ලෙළුම් තාත්තා ගැන සැරට කියූදේ

සංගීත විශාරද, ආචාර්ය වික්ටර් රත්නායකයන්ව ඔබට අමුතුවෙන් හඳුන්වා දීමට අවැසි නැහැ.


ඔහුගේ පුතෙක් වන ලෙලු‍ම් රත්නායක කියන්නේ සංගීත අධ්‍යක්ෂවරයෙක් වගේම ගායන ශිල්පියෙක්.

 

ඔහු සමාජ ජාලාවල පළ කරන විවිධ සටහන් නිතරම ප්‍රේක්ෂක අවදානයට ලක් වෙනවා. සමහර සටහන් ආන්දෝලනයටත් හේතු වෙනවා. ලෙළුම් තමන්ගේ පියා වික්ටර් රත්නායක සහ ඔහුගේ අලු‍ත් බිරිඳ සමඟ අමනාපයෙන් ඉන්නවා කියලා හැමෝම දන්නවා. ඒ සම්බන්ධ විවිධ දේවල් ලෙළුම් ඔහුගෙ සමාජ මාධ්‍යවල පල කරනවා.


ලෙළුම්ගේ පිය පාශ්වයේ එනම් වික්ටර් රත්නායකගේ පාර්ශ්වයෙන් ඥාති වෙන සහෝදරියකට දෝෂාරෝපණය කරලා ලෙළුම් ඔහුගේ සමාජ මාධ්‍යවල සටහනක් පළ කරලා තිබුනා. මෑතකදි පැවැත්වුණු ප්‍රසංගයක් අතරවාරයේදී ඇය වික්ටර් රත්නායක සමඟ ගත් ඡායාරූපයක් පළ කරමිනුයි ලෙළුම් මේ සටහන පළ කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ සටහන සහ ඡායාරූපය. 

 

“හැම හැමෝම කියනකොට එකක් කරනකොට එකක්.


මේ ඉන්නෙ නෑනා එක්ක වෙන්න ඇති නේද.? ඔය photo එකේ ඉන්න කෙනා උඹේ මල්ලිට කරපු දේ අමතක වෙලා ඇති නේද.? අයියාගේ මළ ගෙදර ලොක්කා ආපු නැති වෙලාවේ උඹලා කියූ දේවල් මට නම් හොඳටම මතකයි. මරණෙටවත් යන්නෙ නෑ කිව්වා නේ.. උඹලා මාව හොඳින්ම බලාගෙන මට හොඳින්ම සලකගෙන ඉන්න මගේ නෝනාට කරපු වෙනස්කම් පවා මට හොඳට මතකයි. මල්ලී එක්තැන් වෙලා ඉන්නකොට වෙන වෙන උන්ට රෑ ජාමේ පාන්දර ජාමේ SMS යවාපු උන්වනේ ලොකුවෙලා තියෙන්නේ.?


පුතාට මාව බලන්න ඕනේ කියල පුතාව මට මුණගැසීමට සැලැස්වීම පවා උඹලාගේ game plan එකක් බව මම දන්නවා. කුඩම්මා එක්ක
photo  එකක් ගන්න බැරි උනාද? කොහොමත් එක ලේබලය හිමි කට්ටිය එක තැනකට එකතු වෙනවා’ ඒකත් මම දැනගෙන හිටියා. මට මේ මොහොතින් ඉදිරියට නෑදෑයෝ නෑ. මගේ බිරිඳ සාරු නිරෝශනී. මගේ දුව දුලාරා සවින්දි ඇරුනම බිරිඳගේ නෑදෑයින් පමණයි.”

 

views

461 Views

Comments

arrow-up