පාසල් ඇරී ගෙදරවිත් නිදන කාමරයට ගිය දැරිය කරගත් අහස පොලොව නුහුලන අපරාධය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

පාසල් ඇරී ගෙදරවිත් නිදන කාමරයට ගිය දැරිය කරගත් අහස පොලොව නුහුලන අපරාධය

පාසල් ඇරී ගෙදරවිත් නිදන කාමරයට ගිය දැරිය කරගත් අහස පොලොව නුහුලන අපරාධය

මොනරාගල පොලිස් වසමට අයත් හිඳිකිවුල මිල්ල කැළේවත්ත පදිංචි 15 හැවිරිදි සිසුවියක් ඉකුත් 17 වෙනිදා ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. ඇය මොනරාගල නගරය ආසන්නයේ පිහිටි දෙමළ මාධ්‍ය ජාතික පාසලක දහවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

 

17 වෙනිදා පාසලට පැමිණි ඇය ප.ව 3.00 ට පමණ නිවසට ගොස් නිවසේ නිදන කාමරයේ විදුලි පංකාව සවිකර තිබූ කම්බි කොක්කේ සාරියකින් ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඇයගේ පියා දැක ඇත.

 

මෙලෙස මියගොස් ඇත්තේ සෙල්වරාජා ටෙක්ශීලා භාවනී (15) නමැති ශිෂ්‍යාවකි. ගෙලවැලලා ගැනීමට හේතුව මේවන තෙක් අනාවරණය වී නොමැත.

 

ශිෂ්‍යාවගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් 18 වෙනිදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්විණි.

 

මොනරාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

views

778 Views

Comments

arrow-up