ගෙදර සුරතලයට ඇතිකල බල්ලා ආච්චිව මැරෙනකම් හපලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

ගෙදර සුරතලයට ඇතිකල බල්ලා ආච්චිව මැරෙනකම් හපලා

ගෙදර සුරතලයට ඇතිකල බල්ලා ආච්චිව මැරෙනකම් හපලා

නිවසේ ඇතිකළ සුනඛයා සපාකෑමෙන් බරපතල තුවාල ලැබූ වියපත් මවක් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණ විය.


සුනඛයා මෙකී මවගේ පපු ප්‍රදේශය සපාකා බරපතල තුවාල සිදුකොට තිබුණි.


සුනඛයා සපාකෑමෙන් බරපතල තුවාල ලැබූ මව, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.


මියගොස් ඇත්තේ කෝදාගොඩ ගමගේ දයාවතී නමැති 76 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය අහංගම දිගබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

views

1961 Views

Comments

arrow-up