“එන්න පරක්කු නිසයි ගිහින් බැලුවේ” - පන්සල ඇතුලේ වුණු සිද්ධියට සම්බන්ධ අයට වෙන්න යනදේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

“එන්න පරක්කු නිසයි ගිහින් බැලුවේ” - පන්සල ඇතුලේ වුණු සිද්ධියට සම්බන්ධ අයට වෙන්න යනදේ මෙන්න

“එන්න පරක්කු නිසයි ගිහින් බැලුවේ” - පන්සල ඇතුලේ වුණු සිද්ධියට සම්බන්ධ අයට වෙන්න යනදේ මෙන්න

ඉහළ බෝමිරිය රාක්ෂපාන ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී සුමනාරාමය නමැති විහාරස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් තමාට පහර දී විහාරයේ දේපළවලට ද හානි කළේ යැයි විහාරාධිපති පල්ලේගම සුමන හිමියන් විසින් නවගමුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය මගින් සැකකරුවන් අටදෙනකු අත්අඩංගුවට ගෙන පෙරේදා (08) සවස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් නියෝග කළේය.

 

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතාගේ කරුණු දැක්වීම අනුව මෙම විහාරස්ථානය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා යටතේ ලියාපදිංචි එකක් ද යන්න සොයා බලන ලෙසත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තිබේනම් ඒවාද පොලිසිය මගින් පැමිණිලි කිරීමට අවස්ථාව ඇති බවද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පැවසීය.

 

පසුගිය බ්‍රහස්පතින්දා (06) රාත්‍රියේ මෙම විහාරස්ථානයට කාන්තාවන් දෙදෙනකු පැමිණ ඇති අතර ඔවුන් ආපසු යෑමට ප්‍රමාද වීම නිසා එය නිරීක්ෂණය කළ ගම්වාසීන් විහාරස්ථානයට බලෙන් ඇතුළු වී එහි සිටි කාන්තාවන්ට සහ ස්වාමීන් වහන්සේට පහරදී ඇති බවත් එහිදී කළහකාරී ලෙස හැසිරුණු පිරිස එම කතුන්ගේ නිරුවත පෙනෙන ආකාරයට වීඩියෝ දර්ශන ගෙන සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

 

මේ පිළිබඳව විමසීමේදී නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ලයනල් සේනානායක මහතා පැවසුවේ තවත් සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන අතර ලබන බදාදා (12) සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන බවයි.

views

1466 Views

Comments

arrow-up