ලොරි රියදුරාගේ අපරික්‍ෂාකාරී ධාවනයට ජීවිත වලින් වන්දි ගෙවූ තරුණ අඹුසැමි යුවළ

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව රක්ෂිතය සහිත ප්‍රදේශයේදී අපරික්ෂාකාරීව ලොරියක් ධාවනය කළ රියදුරාට රිය පාලනය කරගැනීමට නොහැකිවී මාර්ගය අයිනේ නතරවී සිටි යතුරුපැදියක පැමිණි තරුණ අඹුසැමි යුවළක් යටකරගෙන ගොස් නැවතී ඇත.
මෙම අනතුරෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේ දොරටියාව පොලිස් බළප්‍රදේශයේ තෝරයාය, ලෙච්චමීවත්ත පදිංචි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවන්හලක සුපවේදියෙකුවූ සී.පී. අමිල පුෂ්පසිරි (34) සහ ඔහුගේ බිරිද වන ඩබ්ලිව්. චතුරාණී නිසංසලා කුමාරි (33) අඹුසැමි යුවළය.
කුරුණෑගල ගැටුවාන මහින්ද විද්‍යාලයේ 6 ශෙු්‍රණියේ අධ්‍යාපනය ලබන එකම දියණිය රැගෙන ඒමට යතුරුපැදියෙන් ගිය මව සහ පියා මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මෙදින යතුරුපැදිය කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් ධාවනය වන ලොරි රථය අපරික්ෂාකාරීව වේගයෙන් පැමිණෙන බව දුටු අඹුසැමියන් ඔවුන්ගේ යතුරුපැදිය මාර්ගය අයිනේ නවත්වා ගෙන ඇත. ලොරියේ රියදුරාට ලොරිය පාලනය කරගැනීමට නොහැකිවී ආරක්ෂාව සදහා මාර්ගයේ අයිනට වී සිටි අඹුසැමි යුවළ රැඳී සිටි යතුරුපැදියේ ගැටී ඇත.
කොහුබත් සහිත ලොරියේ හිමිකරුද ලොරියේ සිටි අතර අඹුසැමි යුවළට මාරාන්තික තුවාල සිදුවී තිබියදීත් ඔවුන් රෝහලකට රැගෙන යෑම පසෙකලා ඔහු ඔහුගේ ජංගම දුරකතනයෙන් අනතුර වීඩියෝගත කිරීම දුටු පිරිසක් ඔහුට පහරදීමක් සිදුකළ බවද පවසති.
බරපතළ ලෙස තුවාල ලැබූ අඹුසැමි යුවළ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළත් ජීවිතක්ෂයට පත්වී ඇත..
අපරික්ෂාකාරීව ලොරිය ධාවනය කර අනතුරක් කළ රියදුරු අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මෙම මස 13 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කෙරින.
දොරටියාව පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
884 Views
Comments