පියාණනී මා නැවත උපන්නොත් ඔබේම පුතු වේවා

රාගම මහබාගේ ප්‍රදේශයේ සුපිරි වෙළද සංකීර්ණයකින් කුඩා ළමයින් සඳහා භාවිත කරන සුවඳ විලවුන් රැගෙන පළා යමින් සිටි පුද්ගලයෙකු පසුව තියුණු ආයුධයකින් ගෙල කපාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 48 වයසැති මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු උදෑසන මහබාගේ ප්‍රදේශයේ සුපිරි වෙළද සංකීර්ණයට ඇතුළත් වී එහි තිබූ කුඩා ළමයින් සඳහා භාවිත කරන සුවඳ විලවුන් කිහිපයක් රැගෙන මුදල් නොගෙවා එම ස්ථානයෙන් පිටතට දිව ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.
එහිදි ත්‍රිරෝද රථ රියදුරෙකු ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු තමා සන්තකයේ තිබූ තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.
එම සිද්ධියත් සමග තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සැකකරු ලුහුබැඳ ගොස් ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කිසිවෙකුත් තමා අසළට පැමිණියහොත් ගෙල කපා ගන්නා බවටයි.
කෙසේ වෙතත්, එම පිරිස තවදුරටත් සැකකරු පසුපස ලුහුබැද ගොස් ඇති අතර, සුපිරි වෙළදසැලේ සිට මීටර් 500ක් පමණ දුරින් ඔහු සිය ගෙල කපාගෙන තිබෙනවා.
මෙම සිද්ධියෙන් ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
840 Views
Comments