නැටුම් සර් මගුල් නටලා

දිඹුලාගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නැටුම් පුහුණු කිරීමට පැමිණි ගුරුවරයෙකු නවය වසරේ ඉගෙනුම ලබන අවුරුදු 14ක පිරිමි දරුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර කිහිප වතාවක්ම එම දරුවා අපයෝජනය කර ඇති අතර, විද්‍යාලයේ විදුහල්පතිවරයා මෙන්ම ගුරුවරු ද මෙම සිද්ධිය ප්‍රසිද්ධ නොකරන ලෙසට මවුපියන්ට පවසා ඇති බවද සඳහන්ය.
කෙසේ වෙතත් දෙමවුපියන් විසින් මේ පිළිබඳ ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් සිදු කර ඇති බව පරීක්ෂණ කටයුතු මෙහෙයවන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි. අදාළ ගුරුවරයා වයස අවුරුදු 45ක අයෙකු වන අතර, ඔහු රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්, එම ගුරුවරයා කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් අනුයුක්ත කරන ලද ගුරුවරයකු බවද වාර්තා වේ
989 Views
Comments