පියා සමඟ තිබූ විරසකයට 19 හැවිරිදි දියණියට මන්නයෙන් හිසට කොටලා - සැකකරු දුරකතන කුලුණේදී අත්අඩංගුවට

රැකියාවට ගොස් නිවෙස බලා යමින් සිටි තරුණියකගේ හිසට මන්නයකින් පහර දී තුවාල සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
19 හැවිරිදි තරුණියක මෙලෙස පහර කෑමට ලක්ව තිබේ. 40 හැවිරිදි සැකකරු තරුණියට මන්නයකින් හිසිට කොටන ආකාරය ඒ ආසන්නයේ තිබුණු සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇත.
සැකකරු මාර්ගය අයිනේ කැලෑ රොදක සැඟවෙන ආකාරයත්, පසුව තරුණිය මාර්ගයේ ගමන් කරන විට ඇය දෙසට කඩා පැන මන්නයෙන් හිසට කොටන ආකාරයත් එහි සඳහන්ය.
එම පුද්ගලයාගෙන් බේරීමට තරුණිය දිවයන ආකාරයද එම දර්ශනවල සටහන්ව තිබේ. සැකකරු තරුණියගේ පියා සමග ඇතිකර ගත් ආරවුලක් හේතුවෙන් ඇයට මෙලෙස පහර දී ඇතැයි හෙලිවී තිබේ.
තුවාල ලැබූ තරුණිය හෝමාගම මූලික රෝහලටත්, පසුව කොළඹ ජාතික රෝහලටත් මාරුකර යවා ඇත. තරුණියට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා දුරකථන සංඥා කුලුනකට නැඟ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අපරාධය සිදුකළ සැකකරු අධික ලෙස මත් ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයකු බව පොලිසිය සඳහන් කරයි.
පිළියන්දල පොලිසියේ නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වාගෙන යති.
1919 Views
Comments