හැමෝගෙම ආදරේ ලබන රශ්මිකාට මෙහෙම කළේ කව්ද? - ඉන්දියාවම හෙල්ලූ සිද්ධිය මෙන්න

දකුණු ඉන්දීය සුපිරි නිළියක වන රශ්මිකා මන්දනා සිය පෞද්ගලික කළමනාකාරවරයා ඉවත් කර තිබෙනවා.
ඒ ඇයගෙ මුදල්වලට කළ වංචාවක් හේතුවෙන්.
රශ්මිකා ක්ශේත්‍රයට පැමිණි පසු ඇය සමඟම සිටි ඇගේ පෞද්ගලික කළමනාකාරවරයා ඔහුයි.
මෙම කළමනාකාරවරයා ඇගේ ලක්ශ 80ක පමණ මුදල් තොගයක් වංචා කර ඇති බවටයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය හසු වීමත් සමඟම ඇය විසින් ඔහුව ඉවත් කර තිබෙනවා.
කෙසේ නමුත් ඇගේ නිර්මාණ කටයුතු සම්බන්ධ දින ඇය විසින්ම කළමනාකරනය කරගන්නා බවටයි ඉන්ඩියා ග්ලිට්ස් වෙබ් අඩවිය වාර්තා කළේ.
ගීතා ගෝවින්දන් සිනමාපටය හරහා සිනමාවට පිවිසි ඇය දෙමළ බ්ලොක්බස්ටර් සිනමා පට දෙකක් රංඟනයෙන් දායක වුනා.
ඒ විජේ රඟ පෑ ”වරිසු” සහ කාර්ති සමඟ ”සුල්තාන්” සිනමා පටයේයි.
මීට අමතරව රන්බීර් කපූර් සමඟ රංගනයෙන් එකතු වන සිනමා පටයක් එළැඹෙන අගෝස්තු මාසයේ තිරගත වීමට නියමිතයි.
රශ්මිකා මේ දිනවල අල්ලු අර්ජුන් සමඟ පුෂ්පා 2 සිනමා පටයේ රූගත වීම් වලට සහභාගී වී සිටින බවටයි ආරංචි වන්නේ.
317 Views
Comments