යකඩ ගේට්ටුව පුංචි සිඟිත්තෙකුගේ ජීවිතය බිළිගත් හැටි

මුලතිව්, කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් අවුරුදු තුනක දරුවෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව්, මුල්ලියාවේලි පොලිසිය පවසයි.
එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ මුලතිව්, කේප්පාපිලව් හි පදිංචි ආදවන් ලිදුසිකන් නමැති දරුවෙකි.
මියගිය දරුවා ගේට්ටුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ එකවර ගේට්ටුව ගැළවි දරුවාගේ ඇඟ මතට කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
නිරන්තරයෙන් දරුවා ගේට්ටුවේ එල්ලෙමින් එය සමඟ සෙල්ලම් කරන බවත් ගේට්ටුව සවිකර තිබූ ඇණ ගැලවීගොස් දරුවාගේ ඇඟමතට වැටී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබු දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පැවසේ.
දරුවාගේ සිරුර මුලතිව් මාංචෝලේ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතය.
406 Views
Comments