“සමහර අත්හැරීම් තියෙනවා ඒකෙන් අනෙකාට වෙන්නේ හොඳක්” - මම දැන් පෙම්වතියක් බැඳීමට නීතිය තවම අනවශ්‍යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

“සමහර අත්හැරීම් තියෙනවා ඒකෙන් අනෙකාට වෙන්නේ හොඳක්” - මම දැන් පෙම්වතියක් බැඳීමට නීතිය තවම අනවශ්‍යයි

“සමහර අත්හැරීම් තියෙනවා ඒකෙන් අනෙකාට වෙන්නේ හොඳක්” - මම දැන් පෙම්වතියක් බැඳීමට නීතිය තවම අනවශ්‍යයි

වොල්ගා කල්පනී කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වෙන කවුරුත් ආදරේ කරන නිළියක්’ සමාජ මාධ්‍ය තුළත් ඇය අතිශය කතාබහට ලක්වන කෙනෙක්. 


වොල්ගාගේ දික්කසාදයත් බොහෝ දෙනෙක්ට ලොකු මාතෘකාවක් බවට පත්වුණා. ආදරය ගැන වොල්ගා මෑතකදී සහභාගි වුණු සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියා සිටියා.


“ගැහැණියක් ධනවත් පිරිමියෙකුගේ පෙම්වතියක්වත් ධන්වත් ස්වාමි පුරුෂයෙකුගේ බිරිඳක්වත් විය යුතු නැහැ. මගේ ජීවිතේ හැමෝම දන්න එක ප්‍රේමයක් තිබුනා’ මට දැනුත් ප්‍රේමයක් තියෙනවා. ආදරේදි බැරි නම් දාලා යනවා කිව්වාට මම ආදරේ කළොත් ලේසියෙන් අත්හරින්නේ නැහැ.


සමහර අත්හැරීම් තියෙනවා ඒ අත්හැරීම තුල අනෙකාට වෙන්නේ හොඳක් නම් අපි අත් හරින්නම ඕනේ. මම දැන් බැඳිලා ඉන්නේ. නීත්‍යනුකූලව නෙමෙයි. ප්‍රේමයත් එක්ක ලස්සන සුන්දර මුනගැහීමක් එක්ක මම බැඳිලා ඉන්නේ. ඒ බැඳීමට නීතිය තවම අනවශ්‍යයි කියන තැන මම ඉන්නේ”
 

views

321 Views

Comments

arrow-up