රුවන්වැලි සෑයට පූජාකළ අටපිරිකර වලටත් විදලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

රුවන්වැලි සෑයට පූජාකළ අටපිරිකර වලටත් විදලා

රුවන්වැලි සෑයට පූජාකළ අටපිරිකර වලටත් විදලා

අනුරාධපුර රුවන්වැලි මහා සෑයට බැතිමතුන් පූජා කළ සිවුරු ඇතුළු අටපිරිකර සොරකම් කළ පුද්ගලයකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගණය, හතේ ඇළ යාය 04 ප්‍රදේශයේ පදිංචි කලූ නමැති 26 හැවිරිදි පුද්ගලයෙකි.

 

රුවන්වැලි මහ සෑයේ කාර්යාලයේ දොරටුව බිඳ සංඝාවාසයට පිවිස එහි තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා පිරිකර සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

 

එතුළ රුවන්වැලි සෑ චෛත්‍යට පූජා කර තිබූ සිවුරු ඇතුළු පිරිකර තිබුණු බව පොලිසිය පවසයි.

 

මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ අපරාධ අංශය විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව අපරාධ ලැයිස්තුවේ සොරකම්වලට නම් දරා සිටි සැකකරුවකු ගැන සැක ඇතිවී තිබිණි.

 

මේ අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරු රුවන්වැලි සෑය අබියසදීම පොලිසිය පෙරේදා (20 වැනිදා) අත්අඩංගුවට ගත් අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පොහොර උරවල බහා තිබූ අටපිරිකර ඇතුළු සිවුරු විකිණීම සඳහා සූදානම් කර තිබියදී සොයොගන තිබිණි.

 

සැකකරු ඊයේ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරි පත් කිරීමට නියමිතව තිබිණි.

views

335 Views

Comments

arrow-up