ප්‍රේමය මේ තරම් කුරිරු වුණේ ඇයි - පෙම් සබඳතාව නැවැත්වූ පාසල් ගුරුවරියට පෙම්වතා කළ අහස පොළොව නුහුල අපරාධය

පෙම් සම්බන්ධතාව බිඳීයෑම නිසා සිත්තැවුලට පත් වූ පෙම්වතකු පාසල් ගුරුවරියක වන පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ මාතර, ඌරුබොක්ක දොළමුල්ල දම්පාවිල මහා විද්‍යාලයේ සිතාරා මදුමාලී නමැති විසිහය හැවිරිදි පාසල් ගුරුවරියකි.
ාතනය සිදු කළ බව කියන තිස්හැවිරිදි සැකකරු පසුව කොස්ගහකට නැග සියදිවි නසා ගැනීමට තැත් කර තිබූ බව පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේය.
පාසල නිම වී ගුරුවරිය පාසල ආසන්නයේම පිහිටි නිවස කරා ගොස් ඇත්තේ පාගමනිනි. පාළු ප්‍රදේශයකදී පිටුපස ලුහුබැඳ ආ සැකකාර පෙම්වතා මුලින්ම ඇයට පිහියෙන් ඇන ගෙල කපා මරා දමා තිබූ බව ද පොලිසිය පැවසීය.
පිහි පහර වැදී ලේ විලක් මැද වැටි සිටි ගුරුවරිය රෝහල වෙත ගෙන යන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මියගොස් සිටින පාසල් ගුරුවරිය පාසල් යන කාලයේ සිට තරුණයකු සමග පෙමින් බැඳී සිට ඇති අතර එම තරුණයා මැයගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් පවා ගෙවමින් වසර දහයක් පමණ ප්‍රේමවන්තයන් ලෙස සිට ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ටික දිනක සිට සිය පෙම්වතිය අදාළ සැකකාර තරුණයා මඟහැර යෑමට පටන් ගැනීම නිසා දෙදෙනා අතර යම් යම් අමනාපකම් හා අඬදබර ඇති වි තිබූ බව ද හෙළි වී තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
485 Views
Comments