අනියම් පෙමට විරුද්ධ වූවැයි මවගේ අනියම් සැමියා වන සැරයන්ගෙන් දියණියට කෑමක්

අනියම් බිරිඳගේ දියණියට පහර දුන් පොලිස් සැරයන්වරයෙකු ශ්‍රීපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
සිය මව පොලිස් සැරයන්වරයා සමග පවත්වන අනියම් සම්බන්ධතාවයට 17 හැවිරිදි දියණිය විරෝධය දක්වා තිබේ.
එම අවස්ථාවේදී නිවසේ සිටි පොලිස්සැරයන්වරයාටද දියණිය බැන වැදී ඇත.
එම බැන වැදීමට කිපුණු සැරයන් වරයා දැරියට පහර දී තිබෙන බව පොලීසිය පවසයි.
පහරදීමෙන් තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර සඳහා ශ්‍රීපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
522 Views
Comments