චාල්ස් රජුගේ නිල උපන්දින සාදයට හැරී කුමරු නැහැ - හේතුව මෙන්න

තෙවැනි චාල්ස් රජුගේ පළමු නිල උපන්දින සංදර්ශනය ජූනි 17 වැනිදා පැවැත්වීමට නියමිතයි.
රජුගේ හෝ රැජිණගේ සැබෑ උපන්දිනය රාජකීය නිල උපන්දින සංදර්ශනය පවත්වන දිනය නොවෙයි.
චාල්ස් රජු ගේ සැබෑ උපන් දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 14 වැනි දිනටයි.
නිල උපන් දිනය ජුනි 17 වැනිදා පැවැත්වෙන අතර ටෑපිං ද කලර් නම් වාර්ෂික උපන්දින සන්දර්ශනයට එක්වීමට රාජකීය පවුලේ වැදගත් සියලුම සාමාජික සාමාජිකාවන්ට ආරාධනා කර ඇතත් හැරී කුමරුට ආරාධනා කර නැත.
සසෙක්ස්හි ආදිපාදවිය වන හැරී කුමරු සහ ආදිපාදවිය වන මේගන් දෙවසරකට පෙර රාජකීය කාර්යයන් නවතා දැමුවද දෙවෙනි එලිසබෙත් මහා රැජිනව පවසා සිටියේ වඩා ආදරණීය පුද්ගලයන් බවයි.
එබැවින් බකිංහැම් මාළිගයේ නිලධාරීන්ට පවුලේ විශේෂ අවස්ථාවන් සදහා ඔවුන්ට ආරාධනා කිරීමට සිදු වුණා.
එහෙත් මෙවර තම පියා වන තෙවැනි චාල්ස් රජුගේ නිල සන්දර්ශනයට හැරී කුමරුට ආරාධනා කර නැති බව වාර්තා වෙනවා.
එය එසේ නම් හැරී කුමරු රජුගේ හා රැජිනගේ නිල උපන්දින සාදයට සහභාගී නොවන වන පළමු අවස්ථාව මෙයයි.
පසුගිය ජූනි මාසයේ සිට මැයි හැරී, මේගන් යුවළගෙන් රාජකීය පවුලට එල්ලවන චෝදනාවලින් වන හානිය සුළුපටු නොවෙයි.
289 Views
Comments