මහනුවරදී මහ දවල් ...... පෙන්වූ අනංගයාට පොලිස් කතුන්ගෙන් ලැබුණු අමතක නොවන තෑග්ග

මහනුවර කොළඹ වීදියේදී මහ දවල් කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකුට නිරුවත පෙන්වූ පුද්ගලයකුට පහර දී ඔහු පොලිසිය වෙත රැගෙන යෑමට අදාළ නිලධාරිනියන් දෙදෙනා කටයුතු කර තිබේ.
සිද්ධිය පසුගිය 06දා දහවල් මහනුවර නගර මධ්‍යයේදී සිදුව ඇත. සැකකරු උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනා රාජකාරි කටයුත්තක් සඳහා ගොස් ආපසු එමින් සිටියදී මෙම පුද්ගලයා ඔවුන් දෙදෙනා ඉදිරිපිටට පැමිණ නිරුවත පෙන්වා පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඔහු අල්ලා ගැනීමට පොලිස් නිලධාරිනියන් දෙදෙනා සමත් වී තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ සිට මහනුවර පොලිසියට මීටර 500ක පමණ දුරක් පවතින අතර අදාළ පුද්ගලයාගේ කමිස කොලරයෙන් අල්ලාගත් පොලිස් නිලධාරිනියන් දෙදෙනා දෙනෝදහක් බලා සිටියදී පයින්ම ඔහුව පොලිසියට රැගෙන ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ලිංගික අපයෝජන යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
1141 Views
Comments