වැවේ දිය නෑමට ගිය තිදරු මව දියේ ගිලී අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය හැටි

අනුරාධපුර කවරක්කුලම පොලිස් වසමේ හල්මිල්ල වැවෙහි දිය නෑමට ගිය 44 හැවිරිදි කාන්තාවක් ඉකුත් 30 වෙනිදා සවස දියේ ගිලී මියගොස් ඇත.
අනුරාධපුර ගල්කුලම, නෙලුකන්නිය ප්‍රදේශයේ පදිංචිව සිටි තිත්තගල්ල ගමගේ නිශාන්ති ගමගේ නමැති තිදරු මවක් මෙසේ මියගොස් ඇත.
අනුරාධපුර කවරක්කුලම පොලිස් ස්ථානයේ දැනුම් දිමකට අනුව නෙලුකන්නිය වැවට ගිය කොට්ඨාසය භාර අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක මහතා විසින් ස්ථානීය පරීක්ෂණය පවත්වා සිරුර ගොඩට ගනු ලැබිණි.
එහිදී සිදුකළ වැඩිදුර පරීක්ෂණවලින් අනතුරුව එම කාන්තාවගේ සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකොට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව තමා වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසිය වෙත නියෝග කළේය.
මේ පිළිබඳව කවරක්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
337 Views
Comments