“අනේ තාත්තේ, පූසෝ දෙන්නව ගෙනත් දෙන්න, එයාලා නැතුව පාලුයි” - දරුවන්ගේ ලෝකය ගැන කියවෙන අපූරු සටහන (PHOTOS)

දරුවන්ගේ ලෝකය හරි සුන්දරයි. වෛරය, ක්‍රෝධය, ද්වේශය මේ කිසිවක් ඔවුන්ගේ ලෝකය තුළ නැහැ.
හරිම සැහැල්ලුවෙන් ඒ වගේම හරිම ආදරණීයව ඔවුන් තමන්ගේ ලෝකයේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. පුංච් දරුවෙක් අසීමිතව ආදරය කරපු කෙනෙක් හෝ දෙයක් ඔවුන්ගෙන් ඈත් කළහොත් ඔවුන්ට දැනෙන දුක මෙතෙකයි කියන්න බැහැ.
මේත් ඒ වගේ දියණියකගේ කතාවක්. සිය සිඟිති දියණිය සිදුකළ වරදක් නිසා ඇයට දඬුවම් දීමට පියා විසින් ඇයගේ සුරතල් පූසන් දෙදෙනාව ගෙදරින් ඈත් කළ සිදුවීමක් නිසා දියණියක් තැබූ සංවේදී සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
මෙය දුටු ඇගේ පියා නැවතත් පූසන් දෙදෙනාව දියණියට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. කුඩා දරුවන්ගේ සිතුවිලි, වැඩිහිටියන් තේරුම් ගැනීමේ පිළිබඳව සමාජයට කදිම නිදසුනක් හැටියට ඒ සිදුවීම ගන්න පුලුවන්.
මේ තියෙන්නේ ඒ දියණිය ලියූ සටහන
365 Views
Comments