“බීල ආවනං සද්ද නැතුව ඉන්න” - වචනයකට කිපුණු අම්මාගේ අනියම් හුටපටය පුතාට අවසන් ගමන් ගෙනා හැටි

මේ සිද්ධියේ සැකකරු වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙක්.
විවාහක ස්ත්‍රියක් සමඟ අනියම් පෙමක් පවත්වාගෙන ගිය මෙම පුද්ගලයාගේ කෝපය පිට වුණේ කොහෙන්ද? වැරැද්දත් ඔහුගේම වෙද්දී එයට බිලිවුණේ තවත් අසරණ ජීවිතයක්.
මේ සිදුවීමෙන් දිවි අහිමි වුණේ වයස අවුරුදු 17 ක තරුණයෙකුටයි.
මවගේ අනියම් පෙම්වතාගෙන් පහර කෑමකට ලක්වූ දරුවා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතයෙන් සමුගත්තා.
සැකකාර පුද්ගලයා පසුගිය 12වැනි දා බීමත්ව නිවෙසට පැමිණ මිය ගිය දරුවාගේ මව සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර එම අවස්ථාවේ දී දරුවා විසින් ඔහුට බැන වැදී පවසා තිබුණේ ”බීල ආවනං සද්ද නැතුව ඉන්න” ලෙසයි එයට කෝපයට පත් තරුණයා, දරුවාට පොල්ලකින් පහර දී තිබුණා.
පොලිස් විමර්ශනවලදී අදාල සැකකරු පාපොච්චාරණය කර තිබුණේ ඒ ලෙසයි.
42840 Views
Comments