“මේකිට තියෙන්නේ මාර පිස්සුවක්” - ආන්දෝලනයට තුඩුදුන් රූපලාවන්‍යාගාරවල මුදල් පසුම්බි ඉස්සූ තරුණියට අවසානයේ අත්වුණු ඉරණම

රූපලාවන්‍යාගාරයක පැමිණි එහි හිමිකාරියගේ ඒ. ටී. එම කාඩ්පත සොරකම් කර රුපියල් 90598ක් වටිනා භාණ්ඩ මිළට ගත් කාන්තාව ඊයේ (10) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකට අනුවයි.
අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල- පුවක්පිටිය ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 20 ක් වන මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වී ඇත්තේ.
සැකකාරිය වරකාපොල හා ගම්පොල යන ප්‍රදේශවල ද මෙවැනි ආකාරයට ඒ.ටී.එම්. කාඩ්පත සොරකම් කර දේපල මිලට ගෙන ඇති බවද මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
සැකකාරිය අද (11) වන අද දින අවිස්සාවේල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අවිස්සාවේල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකාරියගේ ඥාතිවරයෙක් සඳහන් කළේ මෙවැනි අදහසක්.
“මේකිට තියෙන්නේ රත්තරන් බඩු ගන්න, ඇඳුම් ගන්න පිස්සුවක්. අපි ගහලා පැන්නුවා. ගොඩක් කල් ගිහිං හිටියා. අපිට ඇප දීලා ගන්න සල්ලි නෑ. අපි වේලක් ඇර වේලක් කාලා ඉන්නේ. තාත්තා කුලී වැඩ කරන්නේ’ ඇයි මේ වගේ බලු වැඩ කරන්නේ’ අපිට මැරෙන්න බෑ.”
566 Views
Comments