මැරුණු සැමියා හීනෙන් ඇවිත් කියපු නිධානය ගොඩගන්න බිරිඳ ගෙදර ඉස්සරහා ළිඳ හාරලා වුණුදේ - මෑණියෝ අඳුන බලමින් ෆෝන් එකෙන් උපදෙස් දීලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

මැරුණු සැමියා හීනෙන් ඇවිත් කියපු නිධානය ගොඩගන්න බිරිඳ ගෙදර ඉස්සරහා ළිඳ හාරලා වුණුදේ - මෑණියෝ අඳුන බලමින් ෆෝන් එකෙන් උපදෙස් දීලා

මැරුණු සැමියා හීනෙන් ඇවිත් කියපු නිධානය ගොඩගන්න බිරිඳ ගෙදර ඉස්සරහා ළිඳ හාරලා වුණුදේ  - මෑණියෝ අඳුන බලමින් ෆෝන් එකෙන් උපදෙස් දීලා

හෝමාගම සිට අඳුනක් බලමින් දුරකථනය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව කිරිවත්තුඩුව මැද්දහේන වත්ත ප්‍රදේශයේ තාප්පයකින් වට වූ නිවසක් ඉදිරිපිට නිධානයක් හාරමින් සිටි කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.


එම සැකකාරියන් සමඟ වතුර ඉසීම සඳහා යොදාගත් මෝටර්යක්” ප්ලාස්ටික් බට තොගයක්, පූජා භාණ්ඩ සහ මල් පහන්, බේසම් සහ බාල්දි පොලිස් භාරයට ගෙන ඇත’ සැකකාරියන් අතර නිවෙස් හිමි 76 හැවිරිදි කාන්තාවක මෙන්ම 20 හැවිරිදි තරුණියක ද වන බව පොලිසිය කියයි. 


සෙසු සැකකාරියන් අතර අතර ”‍මෑණී”‍ යනුවෙන් හඳුන්වන කාන්තාවක ද වේ. 


නිවස ඉදිරිපිට ළිඳේ නිධානයක් තිබෙන බවට නිවෙස් හිමි 76 හැවිරිදි සැකකාර කාන්තාවගේ මියගිය සැමියා හීනෙන් පැවසූ බවත් අනතුරුව එය ගොඩ ගැනීම සඳහා හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ මෑණි කෙනෙකු හමුවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


බහුතරයක් කාන්තාවන්ගෙන් සමන්විතව මෙම නිධානය ගොඩ ගැනීමට හැකි බව මෑණී යැයි කියා ගන්නා ලද කාන්තාව දින කීපයකට පෙර ලබාදුන් ලද උපදෙස් අනුව පසුගිය 3වනදා දහවල් නිධානය ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කළ බව ප්‍රධාන සැකකාරිය පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී ඇත. 


ඒ සඳහා සැකකාර මෑණි යැයි කියා ගත් කාන්තාව අඳුන බලමින් හෝමාගම පනාගොඩ සිට දුරකථනයෙන් උපදෙස් ලබාදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය. 


සැකකාරියන් සහ සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

650 Views

Comments

arrow-up