“හොඳකට හරි නරකෙට හරි මට රට ඉන්න කෙනෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා” - ලෝචනා විවාහය ගැන කියූ මෙතෙක් නොකී කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

“හොඳකට හරි නරකෙට හරි මට රට ඉන්න කෙනෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා” - ලෝචනා විවාහය ගැන කියූ මෙතෙක් නොකී කතාව

“හොඳකට හරි නරකෙට හරි මට රට ඉන්න කෙනෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා” - ලෝචනා විවාහය ගැන කියූ මෙතෙක් නොකී කතාව

ලෝචනා ඉමාෂි, නම කියූ සැනින් ඔබට මතක් වෙන්නෙ දඟකාර හැඩකාර සුන්දර යුවතියක්. ඊටත් වඩා කටකාර යුවතියක්. ඈ ඉන්න තැනක කිසිම කම්මැලිකමක් නෑ. මොකද ඒ තරම් විනෝදශීලි තාරකාවක් ඈ. විවාහයෙන් පසුව කලා වැඩවලින් ටිකක් ඈත් වුණු ලෝචනා දැන් පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක්.


ලෝචනා නිතරම ඇගේ සැමියා සහ පුතා ඉන්න නෙදර්ලන්තයට යනවා ඔවුන් සමඟ කාලය ගත කරන්න. පසුගිය රූපවාහිනී නාළිකාවන විකාශය වැඩසටහනකට ඇයත් සහභාගි වුණා. එහිදී නිවේදිකාව අහන නොයෙක් ප්‍රශ්න අතර ලෝචනා විවාහය ගැනත් ඇගෙන් විමසුවා. 

 

“මොකද්දෝ එකකට හොඳකට හෝ නරකකට මට රට ඉන්න කෙනෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා.


මගෙත් කසාද බඳින වයස නිසා ගෙදරට අයටත් කියලා ඒ ප්‍රපෝසල් එකට හා කිව්වා. රට ඉන්න කෙනෙක් එක්ක කොහොමද රිලේෂන්ශිප් එකක් කරන්නේ කියලා මට කලින් අත්දැකීමක් තිබ්බෙත් නැහැ. අවුරුද්දකටත් වඩා අඩු කාලයක් ඇතුළත මම කසාද බැන්දා. එතකොට ඔක්කොම සන්නිවේදනය කරන්න ඕනේ ෆෝන් එකෙන්නේ. ඊටපස්සේ ඔක්කොම අතඇරලා මම රට ගියා.

ගියාට පස්සේ තමයි මට තේරුනේ. මං වගේ කෙනෙකුට එහෙම වෙන රටක ඉන්න බැහැ කියලා තේරුනා. මට හැමෝම එක්ක කතාබහ කරලා ඉන්න ඕනේ. නෙදර්ලන්තය වගේ රටකට ලංකාවේ අය අඩුයි. ඒ නිසා ආයිමත් ලංකාවට ආවා. දැන් එහෙ යනවා මෙහෙ එනවා. එහෙ ගිහිල්ලා එයාගේ ඔළුව කාලා එනවා’ මෙහෙ හිටියා කියලා මෙහෙ මිනිහෙක් නෑනේ ඔළුව කන්න.”

views

326 Views

Comments

arrow-up