“රත්තරන්ගේ රත්තරන් හරි ගණන්ලූ” - ප්‍රථම හමුවීමෙන්ම පුදුම වුණු පෙම්වතියකගේ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

“රත්තරන්ගේ රත්තරන් හරි ගණන්ලූ” - ප්‍රථම හමුවීමෙන්ම පුදුම වුණු පෙම්වතියකගේ කතාව

“රත්තරන්ගේ රත්තරන් හරි ගණන්ලූ” - ප්‍රථම හමුවීමෙන්ම පුදුම වුණු පෙම්වතියකගේ කතාව

ආදරේට රත්තරන් කිව්වාට මේ කියන්න යන්නේ නම් එහෙම රත්තරන් කතාවක් නෙවෙයි.


මුහුණු පොතෙන් හදුනා ගත් මෙම තරුණ යුවල මුලින්ම හමුවීමට යොදාගත්තේ බෙන්තොට ප්‍රදේශයේ අවන්හලකදීයි.


මෙම හමුවීමට පෙම්වතිය විසින් රත්‍රං පළඳා ගොස් ඇති අතර එහි වටිනාකම ලක්ශ දෙකකට අධික බවයි වාර්තා වෙන්නේ.


වයස අවුරුදු 22 පසුවෙන මෙම තරුණයා කිසියම් ද්‍රව්‍යක් මෙම වයස අවුරුදු 20ක් වන තරුණියට පානය කිරීමට ලබා දී තිබෙනවා.


ඉන්පසු තරුණිය මත්වී ඇති අතර ඇයට නැවතත් සිහිය ලැබෙන විට අදාල සැකකරු ඇගේ රන් භාණ්ඩ කොල්ලකා ගොස් ඇති බවත් ඔහු ඒ වන විට එතනින් පලා ගොස් ඇති බවත් තේරුම්ගෙන තිබුණා.

 

කොහොම වුණත් ඇය මෙම තරුණයා පිළිබඳ තොරතුරු සොයා ගත් අතර ඒ ඔස්සේ බෙන්තොට පොලීසියේ පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

 

පොලීසිය විසින් තරුණයා සොයා යන විටත් අදාල සැකකරු නිවසෙන් පලාගොස් තිබුණද සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකයි.

views

379 Views

Comments

arrow-up