“ඉක්මනින් මේ දවස යළි උදා වේවා” - පියා ගැන සිහි කරමින් ජැක්සන්ගේ පුතු සජිත තැබූ සංවේදී සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

“ඉක්මනින් මේ දවස යළි උදා වේවා” - පියා ගැන සිහි කරමින් ජැක්සන්ගේ පුතු සජිත තැබූ සංවේදී සටහන

“ඉක්මනින් මේ දවස යළි උදා වේවා” - පියා ගැන සිහි කරමින් ජැක්සන්ගේ පුතු සජිත තැබූ සංවේදී සටහන

සජිත ඇන්තනි කියන්නේ කුඩා කාලයේ ඉඳලාම අපේ රටේ කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක්.

 

මව සහ පියාගෙන් ලැබුණු ආභාෂයත් උපතින්ම ලැබුණු හැකියාවත් නිසා සජිත අද වෙනකොට ලංකාවේ ජනප්‍රියම නලු‍වා සම්මානයත් දිනාගෙන ඉන්නවා.


ලේ උරුමයෙන් ලැබූ කලාකාමී හැකියාව අපූරුවට ඔපමට්ටම් කර ඔහු ගමන් කරන්නේ ඔහුටම ආවේණික වූ ගමනක්.


එකී ගමනේදී ඔහු වේදිකාව, රිදී තිරය හා පුංචි තිරය ආක්‍රමණය කර සහෘද සිත් සතන් සුවහසක් සොරා ගෙන හමාරයි.


සජිත මේ වෙනකොට ආදරණීය පියෙක්.

 

පසුගිය වසරේ හදිසි අනතුරකට ලක්ව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී සුව‍ය ලබන තෙක් මුළු රටක් දෑස් දල්වාගෙන ඉන්නවා.

 

සජිත මෑතකදී ඔහුගේ සමාජ ජාලාවල පියා එක්ක එකට ගීතයක් ගායනා කරන අවස්ථවකදී ගත් ඡායාරූප දෙකක් පල කරමින් නැවතත් ඔහු එක්ක මේ වගේ ගීතයක් ගායනා කරන්න දවසන් ඉක්මනින් උදාවේවා කියලා සඳහන් කරලා තිබුනා.

views

302 Views

Comments

arrow-up