ත්‍රාසජනක චිත්‍රපටයක ජවනිකාවක් මවමින් තරුණයෙක්ව කඩු පහරින් අවසන් ගමන් යැවූ ඝාතකයා අවසානයට කලදේ

කඩුවකින් හිසට සහ අත්වලට පහරදී රාත්‍රියේදී විවාහකයකු ඝාතනය කර ඇති බවත් ඝාතකයා සොයා පරීක්ෂණ සිදුකරන බවත් පානදුර දකුණ පොලිසිය පවසයි.
පානදුර, මෝදරවිල තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි එස්. මියුරු හසංජය නමැති 32 හැව්රිදි අයකු මෙහිදී මියගොස් තිබේ.
ඝාතකයා හඳුනාගෙන ඇති බවත්, ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් උසස් පොලිස් නිලධාරීයක් කීය.
සැකකරු සහ මියගොස් ඇති පුද්ගලයා අතර මීට පෙර ආරවුලක් පැවත ඇති බවත් එයට පළිගැනීමක් ලෙසින් ඝාතනය සිදුකරන්නට ඇති බවටත් පොලිසිය සැක පලකරයි.
සැකකරු කඩුවක් රැගෙන රාත්‍රි 9.00 ට පමණ පානදුර හොරණ මාර්ගයේ මරණකරු පසුපස පන්නාගෙන විත් ප්‍රසිද්ධ ඇගලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී කඩු පහරක් එල්ලකර තිබේ.
ඔහු කඩු පහර කාගෙනම ඇගලුම් කර්මාන්ත ශාලාව තුළට දිවගොස් ඇති අතර, එහි සිටි ආරක්ෂකයන් තුවාලකරු අල්ලාගෙන ඇත. කඩුවද අමෝරාගෙන පසුපස හඹා ආ සැකකරු තවත් කඩු පහරවල් කිහිපයක් මරණකරුට එල්ලකර ඇති අතර, මරණකරු අල්ලාගෙන සිටි ආරක්ෂකයන් සීසීකඩ දිවයන අයුරු කර්මාන්ත ශාලාවේ ආරක්ෂක කැමරාවල පටිගතව තිබුණේ ත්‍රාසජනක චිත්‍රපටයක මෙනි.
මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකිරීමෙන් පසු මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලට රැගෙන යන ලදී.
502 Views
Comments