තාත්තා අම්මාට ගැසූ පොලු‍ පහරින් අම්මා බේරගන්න ගිය 14 හැවිරිදි දුවට සිදුවූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

තාත්තා අම්මාට ගැසූ පොලු‍ පහරින් අම්මා බේරගන්න ගිය 14 හැවිරිදි දුවට සිදුවූ දේ

තාත්තා අම්මාට ගැසූ පොලු‍ පහරින් අම්මා බේරගන්න ගිය 14 හැවිරිදි දුවට සිදුවූ දේ

සැමියා විසින් බිරිඳට එල්ලකරන ලද පොලු‍ පහර වැදුණ 14 හැවිරිදි දියණිය බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවත්” සැකකාර පියා අත්අඩංගුවට ගත් බවත් අක්මීමන පොලිසිය පවසයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වලහන්දූව පදිංචි 38 හැවිරිදි සැකකරුවෙකි.


සැකකරුගේ බිරිඳ ගොනාමුල්ල ප්‍රදේශයේ බේකරියක වැඩට යන අතර ඇය පෙරේදා (06 දා) සවස සේවය නිමවා නිවසට පැමිණි අවස්ථාවේ සැමියා යතුරුපැදියට නැඟී පිටත්ව යෑමට සූදානම් වී ඇත. එම අවස්ථාවේ දුව උපකාරක පන්තියට ගෙන යෑමට තිබෙන නිසා යතුරුපැදිය ගෙන නොයන ලෙස බිරිඳ පවසා ඇත.


එහිදී සැකකරු අසල තිබූ පොල්ලක් ගෙන බිරිඳට පහරදීමට උත්සාහ කිරීමත් සමග අම්මා බේරා ගැනීමට දුව මැදට පැන ඇති අතර එවිට සැකකරු එල්ල කරන ලද පොලු‍ පහර දුවගේ පපු ප්‍රදේශයට වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.


සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඊයේ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

views

470 Views

Comments

arrow-up