“පුතාගේ මාස 3ක් තිස්සෙ තිබුන හිසේ කැක්කුමට ඩොක්ට කන්ණාඩි දාන්න කිව්වා, පැය කිහිපයකින් දරුවා මියගියා” - හදිසියේ මියගිය සිසුවාගේ මව හැඩූ කඳුලින් කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

“පුතාගේ මාස 3ක් තිස්සෙ තිබුන හිසේ කැක්කුමට ඩොක්ට කන්ණාඩි දාන්න කිව්වා, පැය කිහිපයකින් දරුවා මියගියා” - හදිසියේ මියගිය සිසුවාගේ මව හැඩූ කඳුලින් කියූ කතාව

“පුතාගේ මාස 3ක් තිස්සෙ තිබුන හිසේ කැක්කුමට ඩොක්ට කන්ණාඩි දාන්න කිව්වා, පැය කිහිපයකින් දරුවා මියගියා” - හදිසියේ මියගිය සිසුවාගේ මව හැඩූ කඳුලින් කියූ කතාව

මාස 3ක් තිස්සෙ තිබුන හිසේ කැක්කුමට ඩොක්ට කන්ණාඩි දාන්න කිව්වා.

 

පැය කිහිපයකින් දරුවා මියගියා මෙසේ මියගොස් ඇත්තේ බෙන්තොට, හබුරුගල, කඩලගොඩ පදිංචිව සිටි ශානුක අශේන් කන්නංගර නමැති අවුරුදු 14ක පාසල් සිසුවෙක් ශානුකගේ නිසල දේහය අසල හැඬූ කඳුළින් සිටි ඔහුගේ මව තම පුතුගේ වියෝව සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය.

 

පුතාට හිසේ කැක්කුමක් හැදිලා දැනට මාස තුන හමාරක් විතර වෙනවා. දන්න කියන හැම තැන්වලින්ම බෙහෙත් ගත්තා.

අසනීපය අඩු වුණේ නෑ. පසුව යන්තරයක් දැම්මා. ගුරුකම් කළා. ඒත් සුවයක් නැති නිසා ළමා රෝහලට පුතාව ගෙනිච්චා. අවුරුදු 14යි මාස 2ක් වන නිසා දරුවාට ළමා රෝහලේ බෙහෙත් කරන්න බෑ කියා රෝහලෙන් කීවා. පසුව ජාතික රෝහලට ගෙන ගියා. එහිදී ස්කෑන් පරීක්ෂණයක්වත් කළේ නෑ.. හිසරදය නිසා ඇස් රෝහලට යන්න කීවා.

ඇස් රෝහලෙන් ලෙඩක් නෑ කියා කණ්ණාඩි දාන්න කීවා. කණ්ණාඩි කුට්ටම දැම්මේ පැය ගාණක් විතරයි..

පුතාගේ රෝගය උත්සන්න වුණා. ඉන්පසු බෙන්තර රජයේ රෝහලටත්, එතැනින් බලපිටිය මූලික රෝහලටත් යන විට පුතාට සිහිය නැති වුණා. පසුව කරාපිටිය රෝහලට යැව්වා.

එහිදී පුතා මියගියා. කරාපිටිය රෝහලේ දොස්තර මහත්වරු කිව්වෙ පුතාගේ මොළයට විෂබීජයක් ඇතුළුවෙලා කියලයි."

 

උපුටා ගැනීම - සමාජ මාධ්‍යය

views

774 Views

Comments

arrow-up