තම මියගිය බිරිඳ සොයා සිහි විකල්ව ඇවිද්ද සැමියාත් වළකට වැටී මිය ගිහින් - සෑබෑ ආදරයක සංවේදී කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

තම මියගිය බිරිඳ සොයා සිහි විකල්ව ඇවිද්ද සැමියාත් වළකට වැටී මිය ගිහින් - සෑබෑ ආදරයක සංවේදී කතාව

තම මියගිය බිරිඳ සොයා සිහි විකල්ව ඇවිද්ද සැමියාත් වළකට වැටී මිය ගිහින් - සෑබෑ ආදරයක සංවේදී කතාව

මියගිය බිරිය සොයා සිහිවිකල්ලෙන් ඇවිද ගියැයි කියන සැමියා පෞද්ගලික ඉඩමක කපා තිබූ බොරළු වළක වැටී දින 06 කට පසුව මළ සිරුර සොයාගත් බව එප්පාවල පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ එප්පාවල, යෝධ ඇළගම ප්‍රදේශයේ පදිංචිව සිටි මූනා අලගන් නමැති 79 හැවිරිදි එක්දරු පියෙකි.

 

මෙම පුද්ගලයා ඉකුත් පළමු වැනිදා පස්වරුවේ සිට ආගිය අතක් නොමැති බවට ඔහුගේ පුතා එප්පාවල පොලිසියට 3 වැනිදා පැමිණිල්ලක් ද කර ඇති අතර, ඔහු පිළිබඳ සොයා බැලුව ද පසුගිය දින  කීපයේ, කිසිදු තොරතුරක් නොමැතිව සිටිය දී ඊයේ (06) පස්වරුවේ පොස්පේට් රක්ෂිතයට දර කැඩීමට යමින් සිටි පුද්ගලයකුට දුගඳක් දැනී සොයා බැලීමේ දී පෞද්ගලික ඉඩමක මායිමේ පිහිටි මීට වසර කීපයකට පෙර කැපූ බොරළු වළක මෙම පුද්ගලයාගේ මළ සිරුර තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට දන්වා ඇත.



මියගිය පුද්ගලයාගේ සිරුර අඩි 10 ක පමණ පැරැණි බොරළු වළේ උඩුබැලි අතට තිබූ අතර, එය දැඩි ලෙස නරක් වී මැස්සන්ගේ හා පණුවන්ගේ ග්‍රහණයට නතුවී තිබුණු බව පොලීසිය කියයි. මියගිය තැනැත්තාගේ ඇස් නොපෙනෙන අතර කන් ද නෑසෙන බව පොලීසිය පවසයි. මීට මාස 11කට පමණ පෙර ඔහුගේ බිරිඳ මියගිය බවත්, එතැන් පටන් ඔහු කම්පන තත්වයකින් පසුවූ බවත්, මියගිය සිය බිරිඳ ගැන නිතර විමසන බවත් ප්‍රදේශවාසීහු පැවැසූහ.

 

සිද්ධිය වූ ස්ථානයට තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා පැමිණ ස්ථානීය පරීක්‍ෂණයක් සිදුකර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙස පොලීසියට නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

views

435 Views

Comments

arrow-up