“මහසෝන් අඩවිය” ඇතුලේ හොල්මන් කරන්න ගිය තරුණයින් 06කට වුදේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

“මහසෝන් අඩවිය” ඇතුලේ හොල්මන් කරන්න ගිය තරුණයින් 06කට වුදේ

“මහසෝන් අඩවිය” ඇතුලේ හොල්මන් කරන්න ගිය තරුණයින් 06කට වුදේ

පසුගිය ඇසළ පෝය නිමිතිකර හෝමාගම බ්‍රාහ්මනගම බෝගහලන්ද ප්‍රදේශයේ තරුණ පිරිසක් සංවිධානය කරන ලද හොල්මන් මන්දිරයේ හොල්මන් කළ තරුණයන් හය දෙනකු එකවර සිහිවිකල් වූ පුවතක් එම ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

ඇසළ පෝය නිමිතිකර පසුගිය 03 වැනිදා ආරම්භ කළ එම හොල්මන් මන්දිරය “මහසෝන් අඩවිය” ලෙස නම්කර තිබිණි.

 

පසුගිය 07 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම හොල්මන් මැඳුර නැරඹීමට අවසන් දින අතිවිශාල පිරිසක් පැමිණ තිබේ. එකවර දෙදෙනකුට පමණක් ඇතුල් විය හැකි ලෙස සැලසුම් කර තිබූ හොල්මන් මන්දිරයට ඇතුළුවීමට රුපියල් 50 ක මුදලක් අය කරන ලදී.

 

ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ විකාශනය කෙරෙන බෙර ඔස්සේ හොල්මන් මන්දිරයට ඇතුළු වන අය බියගැන්වීමට තරුණයන් හය දෙනකු නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙති.

 

මෙසේ එම සිදුවීම් සිදුවෙද්දී අවසන් දිනය වූ පසුගිය 07 වෙනිදා රාත්‍රී 10.30 ට පමණ මන්දිරය තුළ හොල්මන් කරමින් සිටි තරුණයන් හයදෙනා එකවර සැබවින්ම සිහි විකල්ව හැසිරෙන්නට වූයෙන් සංවිධායකයෝ කලබලයට පත්විය. මේ වන විට හොල්මන් මන්දිරය නැරඹීමට අවස්ථාව එන තුරු පෝලිමේ සිටි පන්සියකට අධික පිරිසක් සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත්ව බලා සිටින්නට විය.

 

දෙවොල් මඩු ශාන්තිකර්ම වල වැයෙන පටිගත කළ බෙරහඬ ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ ගිගුම් දෙද්දී සංවිධායකයෝ කලබලයට පත්වූහ.

 

ප්‍රදේශයේ පන්සලේ හාමුදුරුවන් මෙන්ම යකැදුරන් කීප දෙනකුම කැඳවීමට කටයුතු කළ සංවිධායකයන් පැය තුනක පමණ කාලයක් තුළ සිදුකළ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා හාමුදුරුවන්ගේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිහිවිකල් වූ හයදෙනා පියවි සිහිය ලැබුවද එක් අයකු හෝමාගම රෝහල වෙත යොමු කරවීමට සිදුවූ බව පැවසේ.

views

846 Views

Comments

arrow-up