සම්බාහනය අස්සේ කරගෙන ගිය ලෝකයේ පැරණිම රැකියාව කරන ස්ථානයක් වැටලූ මෙහෙයුම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

සම්බාහනය අස්සේ කරගෙන ගිය ලෝකයේ පැරණිම රැකියාව කරන ස්ථානයක් වැටලූ මෙහෙයුම

සම්බාහනය අස්සේ කරගෙන ගිය ලෝකයේ පැරණිම රැකියාව කරන ස්ථානයක් වැටලූ මෙහෙයුම

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවක් පස් දෙනෙකු සමග කළමනාකරුවෙක් හා කළමනාකාරිණියක් කිරිබත්ගොඩ පොලිසිය මගින් පෙරේදා 17 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී.

 

පොලිසිය විසින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදයි වරෙන්තු මත පොලිස් උපාය දූතයින් යොදවා මේ වැටලීම සිදු කෙරිණි.

 

ඉන් එක් සම්බාහන මධ්‍යස්ථානයක් නුවර පාරේ ගාල හන්දියේ දී හා සෙසු සම්බාහන මධ්‍යස්ථානය මාකොළ පාර ප්‍රදේශයේ දී මෙසේ වැටලූහ.

 

ගාල හන්දියේ සම්බාහන මධ්‍යස්ථානයේදී කාන්තාවන් තිදෙනෙකු සමග කළමනාකරුවකු අත්අඩංගුවට ගත් අතර මාකොළ පාර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙකු සමග කළමනාකාරිණියක් අත්අඩංගුවට ගැනිණි.

 

මේ කාන්තාවන් අම්පාර , කැලණිය හා කඩවත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 ත් 48 ත් අතර වියේ පසුවන්නන් වෙති.

 

කළමනාකරු රත්නපුරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තැනැත්තෙකු වන අතර කළමනාකාරිණිය සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තැනැත්තිනියක් වන්නීය.

 

අත්අඩංගුවට ගන්නා ලද මොවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යති.

views

456 Views

Comments

arrow-up