පසුගිය වසරේ අනියම් සබඳතා නිසා සිදුවූ දේ ගැන අනාවරණය මෙන්න

අනියම් සම්බන්ධතා නිසා සිදුවන පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි 9636ක් ඉකුත් වසරේ (2022) වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය විසින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති සිය වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් කර ඇත.
2021 වර්ෂයේ අනියම් සම්බන්ධතා නිසා පවුල් ආරවුල් 9250ක් වාර්තා වී ඇති අතර ඒ අනුව 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ අනියම් සම්බන්ධතා නිසා සිදු වූ පවුල් ආරවුල් සංඛ්‍යාව සියයට 4කින් ඉහළ ගොස් ඇත.
එමෙන්ම 2022 වර්ෂයේ පවුල් ආරවුල් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි 111709 ක් වාර්තා වී ඇත. එය 2021 වර්ෂයට සාපේක්ෂව සියයට 06ක ඉහළ යාමකි.
2021 වර්ෂයේ පවුල් ආරවුල් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි 105469ක් වාර්තා වී තිබුණි.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන පවුල් ආරවුල් සම්බන්ධයෙන් වන පැමිණිලි ද 2021 හා 2022 වසර දෙකේම ඉහළ ගොස් ඇත.
409 Views
Comments