ගසින් වැටී සිටි අසල්වැසියා ගැන සහෝදරියට අඟවා ඔහුව බේරාගත් අපූරු සුනඛයින්ගේ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

ගසින් වැටී සිටි අසල්වැසියා ගැන සහෝදරියට අඟවා ඔහුව බේරාගත් අපූරු සුනඛයින්ගේ කතාව

ගසින් වැටී සිටි අසල්වැසියා ගැන සහෝදරියට අඟවා ඔහුව බේරාගත් අපූරු සුනඛයින්ගේ කතාව

සිය අසල්වැසි නිවසක අයෙකු ගසකින් ඇද වැටී සිටියදී දුවගොස් ඒ බව ඔහුගේ සොයුරියට දැනුම් දුන් අපූරු සුනඛයින් දෙදෙනෙකු පිළිබඳව වාර්තා වෙනවා. 

 

ඒ මහනුවර අලදෙනිය ප්‍රදේශයෙන්.  හැට දෙහැවිරිදි එන්.එම්.අන්වර් මහතා සිය ගෙවත්තේ සාදික්කා කඩමින් සිට ඇති අතර ටික වෙලාවකින් ඔහු ගසෙන් බිමට ඇද වැටී තිබෙනවා.  එම සිද්ධිය ඔහුගේ සහෝදරිය මෙලෙස පවසා තිබුනා.

 

'අයියා, සාදික්කා කඩන තැනට ගිහින් දෙපාරක් විතර ගිහින් බැලුවා. පස්සේ ගෙදර ඇවිත් රෙදි සෝදන්න ගත්තා, රෙදි සෝදන සිටින විට එහා ගෙදර බල්ලෝ දෙන්නා සාදික්කා වත්ත පැත්තේ ඉඳන් බුරන්න පටන් පටන් ගත්තා. මම හිතුවා ඌරෝ ඇවිත් කියල, එහෙමම ගිහින්  රෙදි සේදුවා, රෙදි සෝදමින් සිටින විට එක බල්ලෙක් මගේ ළඟට ආවා. ඇවිත් වත්ත දිහා බලාගෙන බුරන්න ගත්තා. අනිත් බල්ලා වත්තේ ඉඳළ බුරන සද්දේ ඇසුනා, මම ගණන් ගත්තේ නැහැ. මගේ ළඟ හිටපු බල්ලා වත්ත පැත්තට ගිහින් නැවත මගේ ළඟට ආවා. එහෙම ආපු තුන්වැනි වතාවේ එයා මගේ ඇදුමෙන් ඇද්දා, එහෙමම වත්ත දිහා බගෙන හිටියා,පස්සේ මට සැකයක් ඇති වුන නිසා, බල්ලා එක්ක වත්තට ගියා.

 

එතකොට මම දැක්කා අන්වර් අයියා සාදික්කා ගහක් ළඟ බිම වැටිලා ඉන්නවා. අනිත් බල්ලා අයියා ළඟ වාඩිවෙලා බුරමින් සිටියා, පස්සේ මම ගිහින් බැලුවාම අයියාට සිහිය නැති වෙලා එයාගේ හිසෙන් ලේ එනවා. ඊට පස්සේ මම හයියෙන් කහැහුවා, පස්සේ මගේ දුව එහෙම ආවා. ඒත් එක්කම බල්ලන්ගේ අයිතිකාර සමන්තුර මල්ලිත් ආවා.

 

පස්සේ අපි එකතුවෙලා අයියා මහනුවර ජාතික රෝහලට අරන් ගියා, මහනුවර රෝහලෙන් අයියා පේරාදෙණියට මාරු කලා. ඇත්තටම මේ බල්ලෝ දෙන්නා තමයි මගේ අයියගේ ජීවිතේ බේරුවේ, අපි උන් දෙන්නට ණය ගැනියි. 

views

253 Views

Comments

arrow-up