පා පැදියෙන් ගිය තාත්තා, මාසයකට පස්සේ හමුවුණු තැන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

පා පැදියෙන් ගිය තාත්තා, මාසයකට පස්සේ හමුවුණු තැන

පා පැදියෙන් ගිය තාත්තා, මාසයකට පස්සේ හමුවුණු තැන

ගම්පහ රත්මල්විට ඇල මාර්ගය ආසන්නයේ තිබි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ නගරය ආසන්නයේ සුපිරි වෙළඳසැලක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ 61 හැවිරිදි අයෙකු බව සදහන්.

 

මියගිය පුද්ගලයා මීට මාසකට පමණ ඉහතදී ඔහු සේවය කරන සුපිරි වෙලඳසැලෙන් වැඩ මුරය නිමවී නැවත පැමිණීමේදි ගම්පහ ප්‍රදේශයේ ඇති වූ විශාල ජල ගැල්ම හේතුවෙන් ගම්පහ ඔරුතොට මාර්ගයේ දී සැඩ පහරට හසුව අතුරුදන්ව තිබෙනවා.

 

ඔහු වැඩ මුරය නිමවී නැවත පැමිණෙන අයුරු මාර්ගය අසල ස්ථානයක සවිකර තිබුණු CCTV කැමරාවක ද
සටහන් ව තිබු අතර ඔහුගේ යැයි සැක කෙරන ඇටසැලිල්ක් එම මාර්ගයට කිලෝමීටරයක දුරින් පිහිටි මෙම
ඇල මාර්ගයේ තිබී හමු වී තිබෙනවා.

 

ඔහුගේ ඇඳුම් සහ ඔහු සතුව තිබුණු ගමන්මල්ල හඳුනා ගැනීමෙන් පසු එම ශරීර කොටස් තම පියාගේ බව
ඔහුගේ දියණිය විසින් අද හඳුනාගෙන තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.

views

269 Views

Comments

arrow-up