වෙඩිමට ආපු සේරටම රුපියල් පනස්දාහකට එහා අතට දීලා - අම්බානිලා ඉන්නෙ ඉන්දියාවෙ විතරක්ම නෙවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

වෙඩිමට ආපු සේරටම රුපියල් පනස්දාහකට එහා අතට දීලා - අම්බානිලා ඉන්නෙ ඉන්දියාවෙ විතරක්ම නෙවෙයි

වෙඩිමට ආපු සේරටම රුපියල් පනස්දාහකට එහා අතට දීලා - අම්බානිලා ඉන්නෙ ඉන්දියාවෙ විතරක්ම නෙවෙයි

වෙඩිමක් කිව්ව ගමන් බොහෝදෙනෙක්ට කන බොන දේවල් මතක් වෙන්නත් ඉස්සරලම ඔළුවට එන්නෙ ''වියදමක්නෙ'' කියන කාරණය.

 

හැබැයි කන්න බොන්නත් දීලා, සුපිරි හෝටලයක නවාතැනුත් දීලා, සුපිරි වාහනවල එහාට මෙහාට එක්කන් ගිහින් අන්තිමට අතටත් සැලකිය යුතු ගාණක් දෙන වෙඩිමක් සෙට් වුණොත් කොහොමද.

 

එහෙම එක්කට යනවද කියලා අහන්න ඕනි නෑනෙ නේද. නිකන්ම යැවෙනවනෙ.

 

ඔන්න එහෙම සුපිරි වෙඩිමක් ගැන ආරංචි වුණා, චීනයෙන්.

 

පටලගන්න එපා, මේ අම්බානිලාගේ වැඩක් නම් නෙවෙයි !

 

'Crazy Rich Asians' ෆිල්ම් එක සිහිගන්වන මේ අපූරු මංගල උත්සවය ගැන ආරංචිය අරන් ඇවිත් තිබුණෙ සංචාරක කටයුතු එක්ක සමාජ මාධ්‍යයේ ගැවසෙන Dana Chang සිය වීඩියෝවකින්.

 

වීඩියෝව නම් කරලා තිබුණෙම,

 

"උමතු ධනවත් ආසියානු විවාහ මංගල්‍යයක්..'' මැයෙන්.

 

අමුත්තන්ගේ සියලු වියදම් දැරූ මේ සුඛෝපභෝගී විවාහ මංගල්‍යය කාගෙත් ඇස් නළලට අරන් එන සුළුයි.

 

ඒ අනුව, විවාහක යුවළ ඔවුන්ගේ අමුත්තන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදීලා තිබුණේ චීනයේ තරු පංතියේ හෝටලයක දින පහක නවාතැන් දීලා.

 

එතනින් නතර වෙලා නෑ... ඒ අමුත්තන්ගේ පුද්ගලික ගමන් සඳහා සපයලා තියෙන්නෙ Rolls Royce සහ Bentley රථ.

 

ඒ වගේම තමයි විචිත්‍රවත් මංගල සැරසිලිවලින් යුක්ත වෙඩිමත් සුපිරිතම අන්දමින් විශ්මයජනක නිර්මාණයක් හැටියට සංවිධානය කරලා.

 

වැදගත්ම කාරණය ඊට පස්සෙ.

 

සාමාන්‍යයෙන් අපේ රටේ වෙනවා වගේම චීනයේත් අමුත්තන් නව යුවලට මුදල් පිරවූ සාම්ප්‍රදායික තිළිණයක් ලබාදෙනවා. ඒක එරට නම් වෙන්නෙ “red pockets” නමින්.

 

නමුත් මේ වෙඩිමෙදි ඒ සුපුරුදු චාරිත්‍රය කණපිට හරවලා.

 

ඒ කියන්නෙ නව යුවළ විසින් අමුත්තන්ට ලියුම් කවර දුන්නා මිස අමුත්තන්ගෙන් ආපසු කිසිවක් භාර අරන් නෑ.

 

ඉතින් එහෙම අමුත්තන්ට දුන්නු “red pockets” ඩොලර් 800කින් පමණ පිරිලා තිබුණු බවයි කියවෙන්නෙ.

 

තවත් දෙයක්.... හෝටලයට ආව අමුත්තන්ට ආපහු යන්න ගුවන් ගමන් ද මේ නව යුවළ ලබාදීලා.

views

354 Views

Comments

arrow-up