දමිළ සිනමාවේ බැබළෙන සුපිරි තරුව තලපති විජේ - එයාට දැන් 50යි (PHOTOS)

ලාංකීය සිනමා රසවතුන් 'දමිළ සිනමාවට' බොහෝ සෙයින් සමීප වෙන්න එක හේතුවක් 'විජේ'
ලංකාවේ එහෙම වෙද්දි, ගෝලීය වශයෙන් ඔහු ලබන රසික ආදරය ද අසීමිතයි.
ඒ කියන්නෙ විජේ 'ජාත්‍යන්තර මට්ටමින් කතාබහට ලක්වෙන සුපිරි තරුවක්'
මෑත කාලීනව විජේ ගැන වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තෙ, ඔහුගේ දේශපාලන ගමනත් එක්ක.
වෘත්තීයමය වශයෙන් 'විජේ' හැටියට ජනප්‍රිය වුවත්, ඔහුගේ සැබෑ නම වෙන්නෙ 'ජෝසප් විජේ චන්ද්‍රසේකර්'
ඉතින්, අද මේ සුපිරි තරුවට හරි විශේෂ දවසක්. ඒකට හේතුව, ඊයේ (22) ඔහුගේ උපන්දිනය.
හරියටම කිව්වොත් විජේ මේ සමරන්නේ සිය 50 වැනි උපන්දිනය.
විජේට දශක 3කට එහා දිවෙන වෘත්තීය ජීවිතයක් හිමියි. ඒ අතර කාලයේ ඔහු රංගනයෙන් දායක වුණු චිත්‍රපට ගණන 65කට අධිකයි.
දමිළ සිනමාව තුළ විජේව හඳුනාගැනෙන්නේ වාණිජමය වශයෙන් සාර්ථකම නළුවෙකු හැටියට.
ඒ වගේම ඔහු ඉහළ වැටුප් ලබන තරු අතරත් ඉහළින්ම කියවෙන නමක්.
විජේගේ සිනමා ගමන ගැන කතා කළොත්, ඔහු ක්ෂේත්‍රයට පිවිසෙන්නේ Vetri (1984) දමිළ චිත්‍රපටයේ ළමා නළුවෙකු ලෙස. එය සිය පියා වූ අධ්‍යක්ෂක S. A. චන්ද්‍රසේකර්ගේ සිනමා සිත්තමක් වීමත් විශේෂයි.
පසුව ඔහු පළමුවරට ප්‍රධාන චරිතයක් රඟ දක්වන්නේ වයස අවුරුදු 18දී. ඒ තීර්පු (1992) චිත්‍රපටයේ.
එතනින් එහාට දමිළ සිනමා රසවතුන් සේම ලෝකය වටා දමිළ සිනමාවට ආදරය කරන්නවුන් වසඟයට ගන්න විජේ සමත්කම් දක්වනවා.
ඒ අතර 'විජේ නිසා දමිළ සිනමාවට වහවැටුණු' සෑහෙන පිරිසක් ඉන්නවා.
Poove Unakkaga, Love Today, Kadhalukku Mariyadhai, Thulladha Manamum Thullum ,Kushi ,Ghilli ඇතුළු සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක වූ විජේ, 'සම්මානනීය රංගන ශිල්පියෙක්'
2003 වසරේ දී ඔහු රඟපෑ 'Ghilli', සිය සිනමා ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් කිව්වොත් හරි. මන්ද එය ඉන්දීය රුපියල් මිලියන 500 ඉක්ම වූ පළමු දමිළ චිත්‍රපටය බවට පත්වීම නිසාවෙන්.
එතැන් පටන් ඔහු දමිළ සිනමාවේ ප්‍රමුඛ හා වාණිජමය වශයෙන් සාර්ථක නළුවෙකු ලෙස තමාව ස්ථාවර කරගන්න සමත්කම් දක්වනවා.
ඒ වගේම තමයි විජේගේ සිනමා නිර්මාණ එකතුවේ 'විවේචනාත්මක' නිර්මාණ ද නැතුවාම නොවේ.
විජේ කියන තනි නමට වඩා පසුකාලීනව රසික සමාජය ඔහුව වැළඳගන්නේ, "තලපති විජේ" මැයෙන්.
මෑතකදී ඔහු 'චිත්‍රපටවලින් විශ්‍රාම ගැනීම සහ දේශපාලනයට පිවිසීම' පිළිබඳව කළ නිවේදනයත් ආන්දෝලනාතමක පුවත් මවන්න සමත්කම් දැක්වුවා.
එතැනදී යම් පිරිසකගේ විවේචනයට බඳුන් වුණත්, හදවතින්ම ඉන්න "විජේ ෆෑන්ස්ලා'' දේශපාලන ගමන තුළත් ඔහු එක්කමයි.
ඉතින්, ලාංකීය සිනමා රසවතුන්ට දමිළ සිනමාව වඩාත් සමීප කළ සුපිරි තරුවට අපෙනුත් සුබ ම සුබ උපන්දිනයකට ආසිරි !!
410 Views
Comments