පිළිකාව ගැන නිවේදනයෙන් පසු ප්‍රථමවරට කරළියට ආ කේට් - රජුගේ නිල උපන්දින සැමරුමේ ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

වේල්ස් කුමරිය අද (15) දින සිය පිළිකා ප්‍රතිකාර මධ්‍යයේ ජයග්‍රාහී ලෙස ප්‍රසිද්ධ සමාජයට පැමිණ තිබුණා. ඒ, රජුගේ නිල උපන්දින සැමරුම උදෙසා රාජකීය පවුල හා එක්කාසු වෙමින්.
එලෙස 'Trooping the Colour' සඳහා ඇය ඇගේ දරුවන් තිදෙනා වන ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ ලුවී කුමරු සමඟ කරළියට පැමීණීම කාගෙත් සතුටට කාරණයක්ව තිබුණා.
වසරේ වැඩි කාලයක් පිළිකාව සමඟ සටන් කරමින් රසායනික චිකිත්සාවන්ට බඳුන් වන අනාගත රැජින ලන්ඩනයේ වඩාත් ප්‍රසිද්ධ මාවතක් දිගේ සිය පවුල සමඟ සැහැල්ලුවෙන් ගමන් කිරීම බොහෝදෙනාගේ හිත්වල සැනසුම් සුසුම්වලට හේතුව තිබුණා.
පසුගිය සති අන්තයේ අවසන් Trooping පෙරහුරුව මඟ හැරීමෙන් පසු ඇයගේ පැමිණීම කාටත් සැක සහිත වූ අතර, ඊයේ සවස වන විට ඇය සහභාගී වන බව වඩාත් තහවුරු වූවා.
නමුදු විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ රජු ද පිළිකාවකින් පෙළීම නිසාවෙන් මෙවර සංදර්ශනය බොහෝ අවිනිශ්චිතතාවයකින් පසුව රාජාණ්ඩුවේ සංකේතාත්මක ප්‍රකාශයක් පමණක් වූ බවකි.
'Trooping the Color' යනු බ්‍රිතාන්‍ය රජුගේ/රැජිනගේ නිල උපන්දිනය සැමරීම සඳහා සෑම වසරකම පවත්වනු ලබන චාරිත්‍රානුකූල උත්සවයකි. එය රජුගේ/රැජිනගේ උපන්දින පෙළපාලිය (Sovereign's official birthday) ලෙසද හැඳින්වේ. මෙය 1748 වසරේ සිට නිල උපන්දිනය සනිටුහන් කරයි. සම්ප්‍රදායක් ලෙස එය සාමාන්‍යයෙන් ජුනි මාසයේ සෙනසුරාදා දිනයක පවත්වනු ලැබේ.
197 Views
Comments