“අපි දිහා ආදරෙන් බලා හිටිය, ආදරණීය නුබලා, අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ” - මධුමාදව ඇත්තටම පුණ්‍ය භූමියෙන් පිටවුණාද? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

“අපි දිහා ආදරෙන් බලා හිටිය, ආදරණීය නුබලා, අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ” - මධුමාදව ඇත්තටම පුණ්‍ය භූමියෙන් පිටවුණාද? (PHOTOS)

“අපි දිහා ආදරෙන් බලා හිටිය, ආදරණීය නුබලා, අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ” - මධුමාදව ඇත්තටම පුණ්‍ය භූමියෙන් පිටවුණාද?   (PHOTOS)

90 දශකයේ ප්‍රසංග වේදිකාවේ වැඩ පෙන්වපු සිහින කුමාරයා මධුමාදව අරවින්ද, සිය ජීවිතයේ විශේෂම කාරණාවන් බෙදාගන්න වේදිකාවක් ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන තරුවක්.

එහෙම ඔහු මෑතක තැබූ සටහන්, හුවමාරු කරගත්ත ඡායාරූප සහ වීඩියෝවලට අනුව, ඔහු ලංකාවට සමුදී ඇති සෙයකි.

සහෝදරයාගේ ඡායාරූපයක් එක්ක ධනංජය තැබූ සටහනින් ඇඟවෙන්නෙත් ඒකම තමයි.

කොහොම නමුත් මධුමාදවගේ ගමන පදිංචියටම ගත් තීරණයක් ද කියන එක ඔහුට ආදරේ කරන කාටත් තාමත් ප්‍රශ්නයක්.

මධුමාදව අරවින්ද කියන්නෙ සමාජ මාධ්‍ය එක්ක නිතර සක්‍රීය චරිතයක් වන නිසාම, ඔය ප්‍රශ්න ඔක්කෝටම ඔහු නුදුරේදීම උත්තර දෙයි.

ඔහුගේ මේ ගමනට සුරතලා 'ස්නූපි' ද එක්කාසු කරගෙන ඇති හැඩයි.

ඒ වගේම අපි මුලින්ම කිව්ව විදියට, මධුමාදව අරවින්ද මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගන්න තොරතුරුවල තරමක සංවේදී බවක් ගැබ්වෙලා.

එහෙම ඔහු තැබූ එක් සටහනක් තමයි මේ...

''අත්දෙක උස්සලා වැදල ඉල්ලුවෙ එකයි....ආදරෙන් ඉන්න... තමන්ට ආදරේ අයට.... හැමෝම.

දනංජය මල්ලී... උබ මේක එවපු වෙලේ... පපුව හිරඋනා....

එදා රෑ.. ඇත්තටම ආව හැටි.''

 

 

 

 

views

838 Views

Comments

arrow-up