වයස 130ක් වූ ලොව වයස්ගතම හජ් වන්දනාකරුට සෞදි අරාබියේදී ලැබුණු පිළිගැනීම (PHOTOS)

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව මේ වසරේ හජ් වන්දනාවේ යෙදුණු 'ලොව වයස්ගතම හජ් වන්දනාකරු' වන්නේ, උතුරු අප්‍රිකාවේ ඇල්ජීරියාවේ සිට පැමිණි Sarahouda Stiti නම් අයයි.
එම වාර්තාවන්ට අනුව කියවෙන්නේ ඇයට වයස අවුරුදු 130ක් වන බව !!
එලෙස මෙම වසරේ හජ් වන්දනාව සඳහා පැමිණි ඇය ජුනි මස 12 වැනිදා සෞදි අරාබියේදී උණුසුම් ලෙස පිළිගනු ලැබූ බවයි GULF news වාර්තා සඳහන් කළේ.
සෞදි එයාර්ලයින්ස් වාර්තා කර තිබුණේ සිය රාජධානියට ඇයගේ පැමිණීම ගෞරවයක් වන බවයි. ඔවුන් ඇයගේ පැමිණීම සිය නිල X ගිණුම ඔස්සේ ද නිවේදනය කර තිබුණා.
ඉස්ලාමීය පිළිගැනීමට අනුව හජ් යනු සෑම මුස්ලිම්වරයෙකුම තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක්වත් කළ යුතු ආගමික වන්දනාවකි. එමෙන්ම එය ඉස්ලාමයේ කුළුණු පහෙන් එකකි.
ඒ අනුව සෑම වසරකම ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත මුස්ලිම්වරුන් හජ් වන්දනාවේ යෙදේ.
214 Views
Comments