“දරුවො තුනක් ඉන්න අම්මා කෙනෙක්නෙ, මේක දැකලා නම් ඇඬුනා..” - හිරුණිකාට ලැබුණු තීන්දුව ගැන පියුමි හංසමාලි සංවේදී වෙයි

බොහෝදෙනෙක්ගේ අවදානය යොමුවුණු නඩු තීන්දුවක් අද (28) කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළා.
ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකුව පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සම්බන්ධවයි.
එහිදී අදාළ චෝදනාවට වරදකරු කෙරුණු ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කිරීමටයි කොළඹ මහාධිකරණය තීන්දු කරනු ලැබුවේ.
මේ මොහොත වන විටත් බොහෝදෙනා අතර කතාබහක් ඇති කර ඇති මෙම නඩු තීන්දුව පිළිබඳව දක්නට ලැබෙන සමාජ මාධ්‍ය සටහන් අතරේ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සංවේගය මුසුව තබන ලද සටහනකි මේ....
''අනේ දෙවියනේ ඒකට නම් පපුව හිර වුණා.
පව් දරුවො තුනක් ඉන්න අම්මා කෙනෙක්නෙ. ළමයින්ට අම්මා ඕනිමයිනෙ.
ඇත්තමයි හරි දුකක් දැනුනා ඒක දැකලා දැන්.
අද උදේ නැඟිට්ට වෙලේ ඉඳලම සතුටින් හිටියෙ. බොකවත්තට වෙච්ච දේට.
මේක දැකලා නම් ඇඬුනා එයාගෙ ළමයි මතක් වෙලා මට..''
602 Views
Comments