“ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා තේරුම් ගන්න ඉගෙනගන්න” - විජෙයි - ත්‍රිෂා අනියම් සබඳතා කටකතාව ගැන පිළිතුරු දුන් සුපිරි නළු විජෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

“ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා තේරුම් ගන්න ඉගෙනගන්න” - විජෙයි - ත්‍රිෂා අනියම් සබඳතා කටකතාව ගැන පිළිතුරු දුන් සුපිරි නළු විජෙයි

“ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා තේරුම් ගන්න ඉගෙනගන්න” - විජෙයි - ත්‍රිෂා අනියම් සබඳතා කටකතාව ගැන පිළිතුරු දුන් සුපිරි නළු විජෙයි

දෙමළ සිනමාවේ සුපිරි නළුවෙකු වන තලපති විජෙයි සහ සුරූපි නිළියක වන ත්‍රිෂා අතර පවතින සබඳතාවක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ විවිධ කට කතා පැතිරුණා.

 

ඒ සම්බන්ධයෙන් ඊයේ (28) පැවැති උත්සවයක දී විජෙයි අදහස් පළ කර සිටි බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

 

“ දැන් මාධ්‍ය තරමට මේ සමාජ මාධ්‍යවලින් හොඳ නරක කියන මහජන අදහස් නිර්මාණය කරනවා නේ. හොඳ දෙයක් නරක විදිහටත්, නරක දෙයක් හොඳක් විදිහටත් ගොඩාක් පහසුවෙන් නිර්මාණය කරන්න පුළුවන්. හොඳ අයව නරක අය කරලත්, නරක අයව හොඳ අය කරලත් මේ සාමාජ මාධ්‍යවල සහ ප්‍රධාන මාධ්‍යවල ගොසිප් නිර්මාණය කරනවා අපි දැකලා තියෙනවා. ඔයාලා මේවා බලන්න. හැමදෙයක්ම කියවන්න. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා තේරුම් ගන්න ඉගෙනගන්න. එතකොට තමා රටේ තියෙන ප්‍රශ්නය මොකක්ද.? රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නය මොනවාද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්‌නේ. ඒක දැනගත්තොත්, ඇතැම් දේශපාලන පක්ෂ සිදු කර බොරු දේශපාලන ප්‍රචාර විශ්වාස නොකර ඇත්ත නැත්ත හොයලා බලලා හොඳ නායකයින් තෝරාගන්න පුළුවන් දැනුමක් වර්ධනය කරගන්න පුළුවන්.”

 

විජෙයි මේ වනවිට GOAT චිත්‍රපටිය සඳහා රංගනයෙන් දායක වන අතර ඉන් අනතුරුව H.විනෝත්ගේ අධ්‍යක්ෂණය යටතේ තවත් චිත්‍රපටියක රඟපෑමට එකඟත්වය පළ කර ඇති බව සඳහන්.

 

ඉන් අනතුරුව සිනමාවෙන් සමුගේ පූර්ණ කාලීන දේශපාලනයේ නිරත වීමට ඔහු තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

 

කෙසේ වෙතත් මෙවැනි පසුබිමක ත්‍රිෂා සහ විජෙයි අතර අනියම් සබඳතාවක් පවතින බවට ඇතැම් විද්‍යුත් මාධ්‍ය තුළ කටකතා රැසක් නිර්මාණය කර තිබුණා.

 

GOAT චිත්‍රපටියේ එක් ගීතයකට පමණක් ත්‍රිෂා රංගනයෙන් දායක වී ඇති බව සඳහන්.

 

විජෙයිගේ පෞද්ගලික මැදිහත් වීමෙන් ඇය මේ සඳහා එකඟත්වය පළ කර තිබූ බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා.

 

මේ අතර පසුගිය 22 වැනිදා විජෙයිගේ උපන්දිනය සඳහා ත්‍රිෂා විසින් ඔවුන් දෙදෙනා විදුලි සෝපානයක් තුළ සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කරමින් සුබ පැතුම් එක් කර තිබුණා.

 

ඉන් අනතුරුව මාධ්‍යවලින් විවිධ කටකතා නිර්මාණය කෙරුණු බව සඳහන්.

 

ඉන් අනතුරුවත් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් කටකතා කිහිපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා.

 

එමෙන් ම විජෙයි මීට පෙර රංගනයෙන් දායක වූ වාරිසු චිත්‍රපටියේ රූගත කිරීමේ අවස්ථාවට ත්‍රිෂා එක්ව සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.

 

මේ සම්බන්ධයෙනුයි වි‌ජෙයි විසින් පිළිතුරු ලබා දී තිබුණේ.

 

views

1517 Views

Comments

arrow-up