“අනුෂ්ක උදානත් එක්ක විතරක් නෙවෙයි මගෙ ෆොටෝ එළියට ගිහිල්ලා තියෙන්නෙ...” - පැතිරුණු කතා වලට වොල්ගාගෙන් උත්තර

කවදත් කතාබහට ලක්වන චරිතයක් වුවද, ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී ගැන පහුගිය දවස්වල වැඩියෙන් කතා කරන්න ගත්තා.
ඒකට හේතුව වුණේ වොල්ගා කල්පනී ජනප්‍රිය යූටියුබ් තරුවක් වන අනුෂ්ක උදාන එක්ක පෙනී ඉන්න මංගල ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීම.
මහත් කතාබහක් ඇති කළ මේ ඡායාරූපය පිටුපස තිබුණෙ නම් වෙනම කතාවක්. ඒක නිර්මාණාත්මක වෑයමක කොටසක්.
ඔන්න ඉතින් ඊට ලැබුණු ප්‍රතිචාර ගැනත්, එහි ලද අත්දැකීම ගැනත් යූටියුබ් නාලිකාවක් හා කතාබහකට එක්වෙමින් වොල්ගා මේ විදියට අදහස් දක්වලා තිබුණා.
''මම සාමාන්‍යයෙන් කරන්නෙ මම තෘප්තිමත් වන විදිහෙ වැඩ.
ඒක හරි ලස්සන වැඩක්. ලස්සන අත්දැකීමක්.
අනුෂ්ක උදානත් එක්ක විතරක් නෙවෙයි මගෙ මංගල ඡායාරූප මේ වෙද්දි එළියට ගිහිල්ලා තියෙන්නෙ.
ගොඩාක් දෙනෙක් එක්ක මගේ මංගල ඡායාරූප මේ වෙද්දි එළියට ගිහිල්ලා තියෙනවා.
ඒ එළියට එන හැම අවස්ථාවකම,
හේතුවක් නැතුව යූටියුබ් නාලිකා හදාගෙන ඉන්න අය හේතුවක් නැතුව කිසි දෙයක් නොදැන හැම එක්කෙනා එක්කම ගත්ත ෆොටෝස් මම බැන්දා කියලා දාලා තියෙනවා.
වීඩියෝ එකට ප්‍රතිචාර සෑහෙන්න තියෙනවා.
මොකද මම ප්‍රථම වතාවට ඒ වගේ එකක් කරේ.
ඇත්තටම හරි ආදරණීය ප්‍රතිචාර තියෙනවා...''
කලාව විතරක් නෙවෙයි, වොල්ගා සිය පෞද්ගලික ජීවිතයේ ගත්තු ඇතැම් තීරණ ද නිතර කාගෙත් අවදානයට ලක්වන කාරණාවක්.
''ටික ටික වයසට යනකොට තමයි සමහර දේවල් තේරෙන්නෙ.
හැබැයි කිසිම දෙයක් ගැන එහෙම පසුතැවෙන්නෙ නෑ.
සමහර වෙලාවට ජීවිතේ ඒ වෙලාවෙදි හිතුණු තීරණ ගත්තා.
තීරණ වැරදිච්ච අවස්ථාත් තියෙන්න ඇති.
එහෙමයි කියලා ඒ වැරදිච්ච තීරණ මත්තෙම නැහි නැහී ඒකෙම ඇදි ඇදී යන්නෙ නැතුව, ඉතින් ඒක වුණා ඒක ඉවරයි...''
ඇය දැන් පෙම්වතියක්. තමා පෙම්වතියක් බවත්, හොඳ පෙම්වතෙක්ගේ ආදරයක් තමාට ලැබෙන බවත් ප්‍රසිද්ධියේම ඈ කියන කතාවක්.
''සාමාන්‍යයෙන් ලංකාවේ තියෙනවනෙ නිල වශයෙන් කෙනෙක්ව ඇසුරු කරලා නිල වශයෙන් එතන මොකක් හරි හේතුවකට,
අපි දෙන්නගෙම වැරැද්දක් නෙවෙයි පුළුවන්.
හැබැයි අපේ කැමැත්තට අපි නිල වශයෙන් වෙන් වුණාට පස්සෙ සමාජයේ ඒ ගැහැනියට තියෙනවනෙ වෙන මොකක්දෝ නමක්.
හැබැයි නිල නැතුව ඕනි තරම් පිරිමි ආශ්‍රය කරලා ඕනි තරම් ප්‍රේම සම්බන්ධතා තිබිලා කවුරු හරි කෙනෙක් විවාහ වුණොත් ඒ කාන්තාව හරිම වැදගත් කියන සමාජයක්නෙ මේක.
මම නිල වශයෙන් මොකක් හරි එක තැනක මොකක් හරි හේතුවකින් වරද්දගත්ත කාන්තාවක්.
එතකොට එහෙම කාන්තාවකට සාමාන්‍යයෙන් ප්‍රේම කරන්න පුළුවන් හොඳ කශේරුකාවක් තියෙන පිරිමියෙක්ට විතරයි.
ඒකයි මම කියන්නෙ ඉස්සරට වඩා මට ආදරේ තේරෙනවා.
මට පෙම්වතෙක් ඉන්නවා කියන එක අවුරුදු දෙක තුනක් තිස්සෙ ඕනි කෙනෙක් දන්නවා.
එතකොට මම ඔහුට ඇත්තටම ගරු කරන හේතුව, හැමෝටම බෑ ඒක කරන්න.
හැම පිරිමියටම බෑ නිල වශයෙන් වැරදුණු කාන්තාවකට ප්‍රසිද්ධියේ ගෞරව කරන්න.
ප්‍රසිද්ධියේ ප්‍රේම කරන්න බෑ. ඉතින් ඒ නිසා තමයි මම මගේ පෙම්වතාට ඒ ගරු කිරීම කරන්නෙ.
හොඳ අම්මෙක්ගෙ පුතෙක් වෙන්න ඕනි ඒක එහෙම වෙන්න.
අතීතය මතක් කර කර රිද්දන පිරිමි ඉන්න සමාජයක් මේක...''
328 Views
Comments