වැසිකිළි වලක් නිසා නරුම පොලිස් නිලධාරියා සහ බිරිඳ කාන්තාවකට අමානුෂික ලෙස පහර දීලා - පොලිසිය පැමිණිල්ල බාර ගන්න බෑ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

වැසිකිළි වලක් නිසා නරුම පොලිස් නිලධාරියා සහ බිරිඳ කාන්තාවකට අමානුෂික ලෙස පහර දීලා - පොලිසිය පැමිණිල්ල බාර ගන්න බෑ කියයි

වැසිකිළි වලක් නිසා නරුම පොලිස් නිලධාරියා සහ බිරිඳ කාන්තාවකට අමානුෂික ලෙස පහර දීලා - පොලිසිය පැමිණිල්ල බාර ගන්න බෑ කියයි

වැසිකිළි වලක් සම්බන්ධ ඉඩම් ආරවුලක් හේතුවෙන් මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පොලිස් නිලධාරියකු සහ ඔහුගේ බිරිඳ, තවත් කාන්තාවකට සහ ඇගේ දරුවාට අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

 

මෙම පහරදීමෙන් කාන්තාවගේ හිසට සහ ඇස් වලට තුවාල සිදු වී ඇති අතර මේ වන විට ඇය කඹුරුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව අද මාතර මහ රෝහල වෙත මාරු කිරීමට නියමිතයි.

 

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 38ක් වන දෙදරු මවක් සහ 14 හැවිරිදි ඇගේ පුත්‍රයා ය.

 

කඹුරුපිටිය පොලිසිය  මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසුවද පහරකෑමට ලක්වූ කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ තම පැමිණිල්ල භාරගැනීමට කඹුරුපිටිය පොලිස් නිලධාරීන් කටයුතු නොකළ බවයි.

views

1365 Views

Comments

arrow-up