විදුලි සැර වැදී මියගිය මවගේ සිරුර ගෙට දමා ගිනි තියලා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

විදුලි සැර වැදී මියගිය මවගේ සිරුර ගෙට දමා ගිනි තියලා

විදුලි සැර වැදී මියගිය මවගේ සිරුර ගෙට දමා ගිනි තියලා

වගා ආරක්ෂාව සඳහා යොදා තිබුණු ආරක්ෂිත විදුලි වැටකින් විදුලි සැර වැදීම හේතුවෙන් මියගිය කාන්තාවක් නිවසක් තුලට දමා ගිනි තැබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වන එක් දරු මවකි.

 

මෙම කාන්තාව සිය නිවසේ තනිවම ජීවත් වී ඇති අතර රාත්‍රිය කාලයේ එම නිවසේ හටගත් ගින්නකට හසු වී තිබූ ඇගේ සිරුර මතුරට පොලිසිය විසින් සොයා ගැනුණා.

 

පසුව ඇගේ සිරුරට කළ මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඇය මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන් බවයි.

 

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය විසින් සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනුණු අතර එම කාන්තාව මියගොස් ඇත්තේ ඔහු සිය වගාවේ ආරක්ෂාවට සකස් කර තිබූ විදුලි වැටහී විදුලි සර වැදීමෙනි.

 

පසුව ඔහු මියගිය තැනැත්තියගේ සිරුර ඇගේ නිවසට දමා ගිනි තබා තිබෙනවා.

 

ඇගේ මරණය නිවසේ ගින්න හේතුවෙන් සිදු වූ බවට පෙන්වීමට සැකකරු උත්සාහ ගෙන තිබෙනවා.

 

අත්අඩංගුවට පත් සැකකරු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

views

956 Views

Comments

arrow-up