වැඩි වූ ගෑස් මිළට පින්සිදු වෙන්න සැමියාගේ හොර වැඩේ බිරිඳට මාට්ටු - සැමියාට බිරිඳ කරපු දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

වැඩි වූ ගෑස් මිළට පින්සිදු වෙන්න සැමියාගේ හොර වැඩේ බිරිඳට මාට්ටු - සැමියාට බිරිඳ කරපු දේ මෙන්න

වැඩි වූ ගෑස් මිළට පින්සිදු වෙන්න සැමියාගේ හොර වැඩේ බිරිඳට මාට්ටු - සැමියාට බිරිඳ කරපු දේ මෙන්න

ගෑස් මිල වැඩි වීමට පෙර බිරිඳ විසින් ගෙදර ගෙනැවිත් තිබූ අමතර ගෑස් සිලින්ඩරය සැමියා ඇයට හොරා කඩ හිමි කාන්තාවකගේ අවශ්‍යතාවකට වරින් වර ලබාදී බිරිඳගෙන් අමතක නොවන පාඩමක් ඉගෙනගත් පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පිටිසර ගම්බද පෙදෙසකින් වාර්තාවේ.

 

සිද්ධිය මෙසේය.

 

ඇය රජයේ රැකියාවක නිරතව සිටින්නියකි.

 

සතියේ දිනවල උදෑසන නිවසින් පිටවන ඇය සවස් යාමයේ නිවෙසට පැමිණෙන අතරේ සැමියා විශ්‍රාම සුවයෙන් නිවෙසේ පසු වෙයි.

 

නිවෙසේ මෝටර් රථය ඇතත් ඇයට එය පැදවීමට හැකියාවක් නොමැති බැවින් දිනපතා ඇයව උදේට ආයතනයට ඇරලීමත්, සවසට නිවසට ගෙන ඒමත් සැමියාගේ කාර්යය විය.

 

ඒ වන විට ගෑස් සිලින්ඩරයක් පැවැතුනේ රුපියල් 1520ක මිලකටය. ගෑස් මිල ඉහළ යන පුවතක් ඔවුන්ට අසන්නට ලැබුණි.

 

එහි මිල වැඩි වන්නට මත්තෙන් ඇය ගෑස් දෙකක්ම මිලට ගත්තාය.

 

පසු දිනයේ සිටම ගෑස් මිල ඉහළ ගියේය.

 

“බලනවා ගෑස් වැඩි වුණ තරම, මම අරපිරිමැස්මෙන් වැඩ කරන නිසා වැඩේ ගොඩ” ඔයා ගෙදර හිටියත් ඒ ගැන වගේ වගක් නැහැනේ” යයි ඇය සැමියා අමතා කීවාය.

 

ඉන් එකක් වෙනත් කාමරයක තබා සුරක්‍ෂිතව තිබුණේ පාවිච්චියට ගත් ගෑස් එක ඉවර වූ විට ගැනීම සඳහා වන අතර එවැන්නක් නිවසේ තබා තිබෙන පුවත දත් හිතවත් කඩ හිමි කාන්තාවක් වහා එහි පැමිණියාය.


 
“මහත්තයා, ගෑස් එක ඉවර වුණා. ගෑස් ගන්න කොහේවත් නෑ. මේක මට දෙන්න. මම අලු‍තින් ගෑස් එකක් ගෙනැත් දෙන්නම්” කඩ හිමි කාන්තාව ඉල්ලා සිටියාය.

 

මතට ලොල්ව සිටි මෙම පුද්ගලයාටද ඒ වන විට මුදල් අහේනියක් තිබුණි.

 

“මේකයි, ගෑස් එක දෙන්නේ නෑ ඔයා මේක අරගෙන යන්න. නෝනා එන්න කලින් හවසට මේක ගෙනැත් දෙන්න හෙටත් නෝනා වැඩට ගියාට පස්සෙ ඇවිත් අරගෙන යන්න නැවතත් නෝනා එන්න පෙර ගෙදරට ගෙනැත් දෙන්න ඔයාට ඕනෑ විදිහට ඔයා වැඩේ කරගන්න.”

 

ඔහුගේ යෝජනාවට ඇයද කැමැත්ත පළ කලාය.

 

මත් වතුර පානය කරන්නට ඇවැසි ගතමනාව කඩහිමි කාන්තාවට දිනපතාම වාගේ මොහුට දුන්නාය. දිනක් නෝනා කල්වේලා ඇතිව නිවසට පැමිණ සිටියාය.

 

ඒ අතරතුර කඩහිමි කාන්තාවද රැගෙන ගිය ගෑස් සිලින්ඩරය දෙන්නට ඔහු ආපසු ආවාය.

 

“මට මේ සිද්ධිය ආරංචි වුණා, ඒක අල්ලන්න තමයි කල්වේලා ඇතිව මම ගෙදර ආවේ.”

 

එසේ පැවැසූ ඇය, කඩහිමි කාන්තාවටද දොස් නගන්නට වූවාය.

 

දින කිහිපයක් පුරා සිලින්ඩරය රැගෙන ගිය බවත්, ඒ වෙනුවෙන් මහත්තයාට මුදල් දුන් බවත් කාන්තාව පාපොච්ඡාරණය කලාය.

 

එන පොට වැරදුණු බව දැනුණු සැමියා එම ගෑස් සිලින්ඩරයත් රැගෙන නිවසින් නික්මුණේය. 

 

එය කඩහිමි කාන්තාවට බාරදී කඩේ තිබූ හිස් සිලින්ඩරය රැගෙන නගරයට ගියේය. 

 

ගෑස් කොහේවත් නැති මොහොතේ ඔහු පත්ව ඇති අසරණතාව දැනගත් ගෑස් අලෙවි නියෝජිතයෙකු කෙසේ හෝ ගෑස් සිලින්ඩරයක් සොයා දුන්නේ දුර බැහැරිනි. එය රැගෙන ගෙදරට ආවත් ඔහුට බිරිඳගෙන් නෝක්කාඩු මිසක් හොඳක් නම් අසන්නට නොවිණි.

views

4038 Views

Comments

arrow-up