පියාට හොරෙන් මව දරුවාව මහණ කරලා - දරුවාව ඉල්ලා පියා උසාවි යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

පියාට හොරෙන් මව දරුවාව මහණ කරලා - දරුවාව ඉල්ලා පියා උසාවි යයි

පියාට හොරෙන් මව දරුවාව මහණ කරලා - දරුවාව ඉල්ලා පියා උසාවි යයි

මව විසින් උතුරු කළුතර උග්ගල්බඩ ප්‍රදේශයේ පිහිටා ඇති රජමහා විහාරස්ථානයක මහණ කර වූ 7 හැවිරිදි සාමණේර හිමිනමක් ආපසු ඉල්ලා දරුවාගේ පියා විසින් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

 

මව විසින් අත්තනෝමතිකව මෙලෙස දරුවාව මහණකර තිබෙනවා. දරුවකු විහාරස්ථානයකට භාර දීමේ දී මව සහ පියා යන දෙපාර්ශවයම එයට ලිකිත කැමැත්ත ලබා දිය යුතු අතර මෙම දරුවා මහණ කිරීම සඳහා ලබාදී ඇත්තේ මවගේ කැමැත්ත පමණකි.

 

ඒ අනුව කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර දරුවාව පියා බාරයට ගන්නා ලෙස දැනුම් දී ඇති අතර එතෙක් දරුවාව එම විහාරස්ථානයේ ම තබන ලෙසට දැනුම් දී තිබෙනවා.

 

උතුරු කළුතර පොලීසියේ නඩු මෙහෙයුම් අංශය විසින් මෙම නඩුව මෙහෙයවයි.

views

2555 Views

Comments

arrow-up