අන්තර්ජාලයේ අසැබි දසුන් නැරබූ සිසුවා 5 හැවිරිදි සොයුරිය සමඟ අත්හදා බලයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

අන්තර්ජාලයේ අසැබි දසුන් නැරබූ සිසුවා 5 හැවිරිදි සොයුරිය සමඟ අත්හදා බලයි

අන්තර්ජාලයේ අසැබි දසුන් නැරබූ සිසුවා 5 හැවිරිදි සොයුරිය සමඟ අත්හදා බලයි

චයස අවුරුදු ටයි මාස 10ක දැරියක්ට අතවර කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන්‌ වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු පරිවාස භාරයට යොමුකරන ලෙස අධිකරණය නියෝග කර තිබුණා.


කුලියාපිටිය මහෙස්ත්‍රාත්‌, ජනනි එස්‌ විජේතුංග මහත්මිය විසින්‌ අදාළ නියෝගය දුන්‌ බව අප වාර්තාකරු පැවසුවා.


එහිදී මහෙස්ත්‍රාත්වරිය කියා සිටියේ, අන්තර්ජාලයයෙන්‌ දරුවන්‌ අධ්‍යාපනයේ යෙදී සිටින අතරතුර සිදුකරන ක්‍රියාකාරකම්‌ පිළිබඳ දෙමාපියන්‌ සුපරික්ෂාකාරී නොවුණහොත්‌ එම දරුවාගේ පරිභානියට දෙමාපියන්‌ වගකිවයුත බවයි.

 

මොනතරම්‌ කටයුතු තිබුණත්‌ දරුවාගේ කටයුතු හා දැරුවාගේ ක්‍රියාකාරකම්‌ පිළිබඳව අවධානය දෙමාපියන්ගේ අංක එක නොවුවහොත්‌ ඇනිවන තත්ත්වය දරුවාගේ පමණක්‌ චරදක්‌ නොවන බව කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරිය සඳහන්‌ කළා.


මහෙස්ත්‍රාත්වරිය මෙලෙස කියා සිටියේ, වයස අවුරුදු පහක දැරියකට අතවර කළ බව කියන 14 හැවිරිදි පිරිමි දරුවාගේ මව අධිකරණයට කැඳවමින්‌.


පවුල්‌ ආරවුලක්‌ හේතුවෙන්‌ සැකකාර දරුවා හා ඔහුගේ 11 වියැනි බාල සොහොයුරා චින්දිත දැරිය පදිංචිව සිටින සැකකාර දරුවාගේ මිත්තණියගේ නිවසට ගොස්‌ තිබුණේ අගොස්තු මාසයේ දී.


එහි සිටින අතරතුරදී ඔහු විසින්‌ අදාළ දැරිය අපයෝජනයට ලක්ව තිබූ බව සඳහන්‌ වුණා.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන්‌ කඳානේගෙදර පොලීසියට ලද පැමිණිල්ලක්‌ අනුව කළ විමර්ශනයෙන්‌ හෙළිවූ බව පෙරේද (15) පොලීසිය බී වාර්තවක්‌ මගින්‌ සැකකාර දරුවා අධිකරණයට ඉදිරිපත්‌ කළා.


එමෙන්ම කොරොනා වාංසනයෙන්‌ රට වසාදැමීමට පෙර පාසල්‌ පැවැත්වූ සමයේ සැකකාර දරුවාගේ පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන වැඩිමහල්‌ සිසුන්‌ කිහිපදෙනකු ගූගල්‌ හා යූටියුබ්‌ සෙවුම්‌ මාධ ඔස්සේ අසැබි දර්ශන නැරඹිය හැකි බව ලබාදුන්‌ උපදසේ අනුව සැකකාර දරුවා සිය ටැබ්‌ පරිගණකය ඔස්සේ එම අසැබි දසුන්‌ මාස තුනක පමණ කලක්‌ නරඹා ඇති බවට තොරතුරු අනාවරණය වුණා.


සිය මවගේ සොහොයුරාගේ වයස 5ක දැරිය සමග එම අසභ්‍ය දසුන්වල ඇනි දෑ අත්හදා බැලූ බව සැකකාර දරුවා පැවසූ බව පරිවාස නිලධාරීනිය පැවසුවා.


සැකකරු දරුවා වෙනුවෙන්‌ පෙනිසිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ ඇතිව තිබූ ආරවුල්‌ ආදිය හේතුවෙන්‌ දෙපැත්තකින්‌ දරුචා තැළෙමින්‌ පවත්නා බැවින්‌ එම බලවස්කාර සැකකරුසුදුසු ඇපයක්‌ ප්‍රදානය කරන ලෙසය.


අදාළ චින්දිත දැරිය කුලියාපිටිය රෝහලකට ඇතුළත්‌ කර ඇනි බවද පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබුණා.


කරුණු පිළිබඳ අවධානය යොමුකළ මහෙස්ත්‍රාත්චරිය සැකකාර දරුවාගේ මච කැඳවා දරුවා අන්තර්ජාලය සමගින්‌ කරන ගනුදෙනු පිළිබඳව දෙමාපියන්‌ ලෙස දක්වා නිබෙන නොසැලකිල්ල හේතුවෙන්‌ තමන්ගේ දැරුවාගේ අනාගතය තමන්‌ විසින්ම විනාශ කරගෙන ඇති බව අවධාරණය කළා.

 

එමෙන්ම දරුවකු එම චයසේදී මෙවැනි තත්ත්වයකට පත්වීමට දෙමාපියන්‌ සෘජුව වගකිවයුතු බවත්‌ දරුවන්‌ යනු දෙමාපියන්‌ විසින්‌ මෙහෙයවිය යුතු පිරිසක්‌ බවත්‌ ඇය පැවසුවා.


පොලීසිය ඉල්ලා සිටි පරිදි විඩියෙං සාක්ෂි ලබාගැනීමට ළමාරක්ෂණ අධිකාරයට මහෙස්ත්‍රාත්වරිය නියම කළා.
එමෙන්ම සැකකාර දරුවාට රුපියල්‌ ලක්ෂ 4ක ශරීර ඇපයක්‌ නියම කරමින්‌ එම ඇපය දැරුවාගේ මව විසින්‌ තැබිය යුතු බවට කොන්දේසි නිකුත්කර තිබුණා.

 

දරුවා මානසික සෞඛ්‍ය සායනයකට යොමුකරන ලෙසත්‌ එහිදී පරිවාසයට නියොෝගකර පූර්ණ පරිවාස වාර්තාවක්‌ ඉදිරි දිනයට ඉදිරිපත්‌ කළයුතු බවට නියම කරමින්‌ සැකකාර දරුචා පරිවාස භාරයේ රඳවා තැබීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළා.

 

කඳනේගෙදර පොලිස්‌ ස්ථානාධිපති පොලිස්‌ පරික්ෂක දමිත්‌ අසංක කරුණාසේන, පරිවාස නිලධාරිනිය වාසනා චන්ද්‍රපාල සැකකාර දරුවා ඉඳිරපත්‌ කරමින්‌ කරුණු කී අතර නීතිඥ ආසිරි ප්‍රනාන්දු සැකකාර දරුවා වෙනුවෙන්‌ පෙනී සිටියා.

 

 

 

 

(කුලියාපිටියේ ~ උපේන්ද්‍ර සේරසිංහ)

source: webgossip

views

5828 Views

Comments

arrow-up